දාහතරවන කොටස
සංකේත් රතුපාට ටයි එකක් වෙනුවට නිල්පාට ටයි එකක් දාගත්තා. අලුපාට සූට්එකට සුදු පාට අත් දිග කමිසයක් ඇඳල නිල්පාට ටයිපටිය කැපිලා පේනවා.
"ලස්සනයි... මල ගෙදරක යන්න ලැහැස්ති වෙලා වගේ..."
තීක්ෂණ එහෙම කිව්වේ විහිලුවට කියල තේරුම්ගන්න සංකේත් විනාඩියක් ගතවුණා. තව පොඩ්ඩෙන් සංකෙත් ආයෙමත් ඇඳුම් මාරුකරන්න ලෑස්තිය....
ඊළඟට ට්‍රැෆික් එකට අහුවෙලා විනාඩි විස්සක්ම එක තැන නතර වෙලා ඉන්න ගිහාම යටවෙලා තිබුණු කේන්තිය ආයෙමත් මතුවෙනව සංකේත දැනෙන්න පටන් ගත්තා. තීක්ෂණ එහාපැත්තෙ මලිතිත් එක්ක හෝගාලා ෆෝන් එකෙන් කතාව... ඒ මදිවට ආදිත්‍ය එවපු වාහනෙ ඩ්‍රයිවර් මහ හයියෙන් රේඩියෝ චැනල් එකක් දාලා.... කනක් ඇහෙන්න නෑ. ඔක්කොමටත් හපන් එහාපැත්තෙ වාහන හිටපු පොඩි කොල්ලා... ඌ වීදුරුවට මූන තියාගෙන සංකේත්ට පේන්නේ විකාර මූණු හදහදා විනාඩි විස්සම ගතකළා.
අත්තිඩියේ ඊගල් ලේක් සයිඩ් ශාලාවට එනකොට ප්‍රිය සම්භාශනයට සහභාගි වෙන්න ආපු මිනිස්සුන්ගෙන් ශාලාවේ එලියේ කාර් පාක් එක පවා පිරිලා ඉතිරිලා තියෙනවා දකිනකොට සංකෙත්ට දැනුනේ තරමක නොසන්සුන්කමක්. ආදිත්‍යව මුන ගැහෙන්න ලැබෙනබව ඇත්ත... ඒත්- සෙනඟ අතරේ බීම වීදුරු බන්දේසි අතේ තියාගෙන එහෙමෙහෙ ඇවිදින සේවයන් ගෙන් ඉඩක් ලැබෙනකොට පේනතෙක් මානෙකවත් ආදිත්‍ය ඉන්නවද කියල බලන්න සංකෙත් ඔලුව හරව හරවා බැලුවා.
තික්ශනට නම් මලිතිව හොයාගන්න එච්චර කල්ගියේ නැහැ. ඒක නිකං තීක්ශනගේ ඔලුව ඇතුලේ 'මලිතිඩාර්' එකක් හදලා වගේ. දැක්ක ගමන් දෙන්නගේ ලව් හිනාව දාගෙන කාන්දම් දෙකක් එකට ඇලෙන්න විදිහට පාවීගෙන දෙන්නා එක ලඟට ආවා. ඊටපස්සේ කුරුල්ලෝ දෙන්නෙක් ජෝඩුවෙන්න කලින් නටනවා වගේ හිනාවෙවී වටේ කැරකිලා ඉවරවෙලා අනෙක් මිනිස්සු ඉන්නවා කියලා දෙන්නට මතක් වෙනකල් සංකෙත් ඉවසිල්ලෙන් බලාගෙන හිටියා.
"ඉන්න මම බොන්න මොනවාහරි අරගෙන එන්නම්.." තික්ශන මලිතිගෙන් සංකෙත්ට ඔලුව හරවලා කිව්වා. "ලිකර්ද ජූස්ද?"
BẠN ĐANG ĐỌC
අසුර හැන්ඳෑව
Lãng mạnප්රසිද්ධ ව්යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්යට සමාගමේ ප්රධානියා හැටියට වැඩ භාරගන්න සිදුවෙලා. ඒත්- කන් ඇහෙන්නෙ නැති කොල්ලෙක් කොහොමද රටරටවල පැතිරුණු ව්යාපාරයකට කරගහන්නේ...