දහනවය කොටස

1.2K 200 22
                                    

දහනවවන කොටස

ගෝමස් මහත්තයා එක්ක හමුවීමෙන් පස්සේ ආදිත්‍ය ගැන සංකෙත්ගේ හිතේ ඇතිවුනු අදහස් වේගයෙන් වෙනස්වෙන්න පටන්ගත්තා.

ආදිත්‍යව මොනයම් ක්‍රමේකින් හරි ආරක්ශා කරගන්න ඕනේ කියලා සංකෙත්ගේ හිතට දැනුනු හැඟීම ඒ සේරටම වඩා ප්‍රබලයි. දැනගත්තොතින් සංකෙත්ට බැනුම් අහ්න්නත් වෙවි කියලා හිතුනත් ආදිත්‍ය වෙනුවෙන් මොනයම් දෙයක් හරි කරන්න තියෙනවා නම් කියලා සංකෙත් දවසපුරා කල්පනා කළා. තිලකවර්ධන මහත්තයව හොයාගෙන ගිහිල්ලා ආදිත්‍යගේ පස්සේ පන්නගෙන ගියොත් වෙන්නේ මොකද කියලා පෙන්නලා තිලකවර්ධන මහත්තයගේම බෙහෙත් වඩියක් එයාට කව්වන්නත් සංකෙත්ට නොහිතුනාම නෙමෙයි.

සංකෙත් කොයිතරම් කෙන්තිගෙන හිටියද කිව්වොතින් එයාගේ මායාබලෙත් ඒකේන්තිය වෙනුවෙන් ප්‍රතික්‍රියා දක්වන්න පටන් අරගෙන.

කෙනෙක්ගේ බලපුලුවන්කාරකම් යටතේ කිසිවක් කරකියාගන්න බැරි තත්වෙකට වැටුනම කොයිතරම් මානසික පීඩනයක් ඇතිවෙන්වද කියලා අත්දැකිමෙන්ම දන්න සංකෙත් ලලිතා දාස්ගෙන ගැලවුනාම තමන්ටම පොරොන්දුවුනේ ආයෙමත් ජීවිතේ තියෙනතාක්කල් ඒවගේ බෙලහීන තත්වෙකට තමන්ට තියා තමන් දන්න කෙනෙක්ටවත් නම් වැටෙන්න දෙන්නේ නැහ කියලයි. ඊලඟට මොනවා වෙයිද කියලා ආතතියෙන්... බයෙන්... සැකෙන් ජීවත්වෙන ආදිත්‍යව දැක්කම සංකෙත්ට ඒ හැඟිම දැනුනේ තමන්ම වේදනා විඳින ස්වභාව්‍යකිනුයි.

පරාජය ආදිත්‍යගේ මනස සෙමෙන් සෙමෙන් මලකඩ කනවා වගේ ආක්‍රමනය කරනබවක් සමහර වෙලවට සංකෙත් දැක්කා. එයාගේ වටේ බොහෝ පිරිසක් එකතුවෙලා ඉන්න වෙලාවලදී පවා ආදිත්‍යගෙන් මතුවුනේ තනිකමකුයි තනිවීමකුයි. තමන්ව අනිත් අයට තේරුම්කරවන්න... අනිත් අයව තේරුම්ගන්න සටනක් කරලා කෙඩෙත්තු වෙච්ච සෙබලෙක් උදව් ඉල්ලන්න ආඩම්බරකමින් ඔලුව උස්සගෙන ඉන්නව වගේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන ආදිත්‍යව දැක්කම සංකෙට්ටත් ඉවසුම් නැහැ.

මෙච්චරම නොසන්සුන් වෙන්න ලොකුම හේතුව ආදිත්‍ය ඉක්මන් කරලා මාමා ගැන පියවරක් නොගැනීමද කියලත් සංකෙත්ට සැකයි. එහෙම වුනානම් ආදිත්‍යට ආයෙමත් වදවෙන්න දෙයක් නැහැනේ! ඒත්- කේසරයි ආදිත්‍යත් මොකක් වෙනකල් බලාගෙන ඉන්නවද කියලා නොතේරුනත් සංකෙතුත් ඉවසගෙන හිටියා. කේසර අයියගෙන් ලැබෙන ආරංචි අනුවනම් මාමා එයාගේ යටිකූට්ටු උප්පරවැට්ටිවලට තෝන් ලනුව ඇදලා අඩුකරගෙනලු. මේ දේවල් අතරේ සංකෙත්ට පුලුවන්වුනේ ආදිත්‍ය වෙනුවෙන් අනිත් මිනිස්සු කියන දේවල් පරිවර්තනය කරලා උදව්කරන්න විතරයි.

අසුර හැන්ඳෑවTahanan ng mga kuwento. Tumuklas ngayon