විසිහතරවන කොටස

993 176 15
                                    

විසිහතරවන කොටස

කලින් දවසේ ඉස්කෝලේ ප්‍රසංගයට පුහුනුවීම් කරලා එනකොට සංකෙත්ට හොඳටම මහන්සියි.

දැන් වෙනදා වගේ නෙමෙයි ලමයි බොහොම ආසාවෙන් සංකෙත්ගෙන් වාදන ගායන ගැන ඉගෙන ගන්නවා. එහෙම ලමයින්ට එයාලගේ වැරැදි අඩුපාඩු හදාගන්න උගන්වනකොටත් සංකෙත්ට දැනුනේ ලොකු සතුටක්. වැදගත් යමක් කරනවා කියන හැඟීමක්. සංකෙත්ගේ සිතාර් වාදනයත් එක්ක ගායනයක් ඉදිරිපත් කරන්න කියලා හැමෝම කියන කොට ඒ අදහසට සංකෙත් අකමැත්තෙන් නමුත් එකඟවුනේ කාගෙවත් හිතරිද්දන්න තිබුන අකමැත්ත නිසයි. සංකෙත්ගෙ සිතාර් වාදනයට උදව්වෙන්න ඉස්කෝලෙම ලමයි දෙන්නෙක් තබ්ලාවත් සාරංගියත් වාදනය කරමු කියලා යෝජනා කලේ ප්‍රසන්න සර්. දැන් ඒ දෙන්නත් වැරැදි අඩුපාඩු නැතිතරමටම පුහුනුවෙලා. තියෙන සුලු අඩුපාඩුකම් මැජික් බලයෙන් වහලා සුගම වාදනයක් ඉදිරිපත් කරන්න සංකෙත් සූදානමින්.

ඉස්කෝලේ පුහුණුවීම් කරන්න කරන්න සංකෙත්ගේ මායාබලය සන්සුන්වෙනවා එයාට දැනුනා. කලින් නොයිවසිල්ලෙන් පෙරලිකම් කරපු ඒ ඉන්ද්‍රජාල බලය කොන්සර්ට් එකට පුහුණුවිම් කරන්න පටන්ගෙන පහුගිය කාලයේදී සන්සුන් වෙල තැන්පත්වුනේ හරියට වැස්ස දවසකදි උණුසුම් පොරෝනාවක් ඇඟට දාගත්තා වගේ සුවපහසු ගතියක් සංකෙත්ට ඇතිකරවන ගමන්. නිදාගෙන ඉන්න සිංහයෙක් කම්මැලිකම හැරදාලා නැගිටිනවා වගේ හිමින් අවදිවෙන මායාබලය සංකෙත් පුහුනුවීම් කරලා වාදනයේ යෙදෙනකොට නිදහස්වුනු මකරෙක් අහසේ පියබනවා වගේ සතුටින් සැරිසරන හැටි සංකෙත්ට දැනුනා.

ආදිත්‍ය ගැන හිතනකොට ඊටත් වෙනස්. එතකොට දම්වැලකින් ගැටගහපු බලුකුක්කෙක් ඒ දම්වැල කඩාග්න යන්න හිතාගෙන ගැටගහපු දම්වැල විකනවා වගේ සංකෙත්ගෙ ඉන්ද්‍රජාලික බලයත් සීමාවන් බිඳගෙන ආදිත්‍ය ඉන්න තැනක් හොයාගෙන යන්න උත්සහ කරනවා සංකෙත්ට දැනුනා.

එදා උදේ නැගිටිනකොටත් සංකෙත්ගේ මායාබලය එයාට කලින් අවදිවෙලා... ලොක් කරපු දොර විවරකරලා... වෙනදට නැති උනුසුම් ගතියකින් සහ ආලෝකමත් ගතියකින් සංකෙත්ගේ කාමරය පුරවලාදාලා. හරියට, සංකෙත් ඇඳවෙලා කම්මැලිකමින් ඉන්නේ කාමරේ කලුවරවෙලා, සීතල වුනොත් කියලා මායාබලය අත්දැකීමෙන් දන්නවා වගෙයි. උදේ නවයට තියෙන මීටින් එකේදි ආදිත්‍ය වෙනුවෙන් කථන පරිවර්ථනය කරන්න සංකෙත්ටත් වඩා එයගේ මැජික් බලය උනන්දුවුනා වගෙයි.

අසුර හැන්ඳෑවWhere stories live. Discover now