හතරවන කොටස

1.4K 240 25
                                    

කණාමැදිරි එළිවගේ දැල්වුණු පුංචි සැරසුම් ආලෝකයක් මැද්දේ ස්ටේජ්එක කෙලවරට ඇවිල්ලා හිටගත්ත සංකෙත්ගේ ඇස් අවට කලුවරට හුරුවෙන්න ටික වෙලාවක් ගත වුනා.

ඊලඟට වේදිකාවත් ප්‍රේක්ශකාගරයත් යන්තමින් ආලොකමත් වුනේ ආදිත්‍යගේ දෙමව්පියන් ගැන සැක්සුණු පුංචි ෆිල්ම්එකකින්. වේදිකාවට තරමක් ඉහලින් එල්ලෙන තිරයක කෙටි චිත්‍රපටිය ධාවනය වෙනකොට පටු ඇවිදුම් තීරයේ ඈත කෙලවරේ මයික්‍රෆොනයක් ඉස්සරහා හිටගෙන හිටිය සංකෙත්, මෑත කෙලවරේ හිටගෙන ගල් පිලිමයක්වගේ නොසෙල්වී තිරය දිහා බලාගෙන ඉන්න ආදිත්‍යව දැක්කේ යන්තමින් වගේයි.

ආදිත්‍යගේ කතාව යන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ කියලා සංකේත් අත්දැකීමෙන් දන්නවා. සමහරවිට පළවෙනි මිනිත්තු කිහිපයේදී නුහුරු විදිහට හස්ත සංඥා පැටලිපැටලි හරි ඉදිරිපත් කරලා ඊළගට බය ඇරුනහම සුපුරුදු විදිහට කතාව සංඥාවෙන් ඉදිරිපත් කරන්න පටන්ගනිවි. එහෙම නොවුණොත්... ඉවර වෙනකම්ම හස්ත සංඥාවෙන් කියන්නේ මොකක්ද කියලාවත් තේරුම්ගන්න අමාරුවෙන තරමින් පැටලීපැටලිම කතාව ඉදිරිපත් කරාවි.

ආදිත්‍යගේ දෙමව්පියන් ගැන ජීවිත කතාව... ඒ කතාවේ වැදගත් සිදුවීම්... ගැන ඡායාරූප පෙලකින් ඉදිරිපත් වෙද්දී, කෙටි චිත්‍රපටිය දකින ප්‍රේක්ශකාගාරය පැත්තෙන් සුසුම් හෙළනවා සංකෙත්ට ඇහුනා විතරක් නෙමෙයි... එයාගේ හදවතත් දුකින් බරවුනා. බෝපිටිය දෙපලගේ මිතුරන් බොහොමයක් හිටපුබවට සැකයක් නැහැ. ඒ අය එක්ක මිතුරුකමක් නොතිබුන මිනිස්සුත් ප්‍රසන්න සහ රංගනා බෝපිටියගේ වැදගත්කම දැනගෙන ඉන්න ඇති කියලා සංකෙත්ට හිතුනේ අනුස්මරන කෙටි චිත්‍රපටිය යනකල් අවට පැතිරුණු නිහඬකම හේතුවෙන්.

ඒක දකින කොට සංකෙත්ට එයාගේ අම්මව මතක්වෙන්න ගත්තා. පපුව හිරවීගෙන වගේ එද්දී අම්මාගේ මතකයන් ගලාගෙන එන්න ගත්තේ කවදාවත් නැතිවිදිහටයි. සංකෙත්ට කොච්චර උත්සහ කලත් බසුබිමෙන් වාදනය වෙන සංවේගජනක සංගීතය නොසලකා හරින්න පුළුවන් වුනෙත් නැහැ. ඇස් පියාගත්තත් ඒ සංගීතය එයාගේ මුළු ඇඟම කියාගන්න බැරි හිස්ගතියකින් පුරවනවා එයාට දැනුනා.

අසුර හැන්ඳෑවTempat cerita menjadi hidup. Temukan sekarang