විසිතුන්වන කොටස

1.2K 183 4
                                    

විසිතුන්වන කොටස

ආදිත්‍ය එයාගේ අපාර්ට්මන්ට් එකට ගිහිල්ලා වොශ් එකක් දාගෙන අලුත් ඇඳුමක් දාගෙන කෝපි කෝප්පයක් හදාගෙන බොන්න කුස්සියේ මේසෙට ලංවුනා. ෆ්‍රිජ් එකෙන් ගත්ත සැන්විච් පාන්පෙති දෙකකට ජෑම්එක්ක බටර් ටිකක් තවරාගත්තේ වැඩියමක් හදාගන්න වෙලාවක්වත් උවමනාවක්වත් නොතිබුන නිසයි. මේසේ ඉඳගෙන උණු නෙස්කැෆේ කෝප්පේ තොලගන්න වුණු ආදිත්‍යගේ ඉස්සරහ තිබුනේ සංකෙත්ගේ නම ලියැවුනු ලීෆ්ලට් එක.

මොකද්දෝ නොතේරෙන හෙතුවකට සංදර්ශනය දවසේ එතැනට ගිහිල්ලා සංකෙත්ව පුදුමකරන්න ඕනේ කියලා හිතුනත්- දැන් ඒගැන හිතනකොට ආදිත්‍යට දැනුනේ තරමක නොසන්සුන්කමක්.

'සංකෙත් එහෙම සර්ප්‍රයිස් කරනවට කැමැතිවෙවිද?'

සංකෙත් සංගීත ප්‍රසංගය ගැන නොකිව්වේ සාධාරණ හේතුවක් ඇතිවද කියලා ආදිත්‍ය කල්පනා කලා. එහෙමනම් ආදිත්‍ය මේ විදිහට සංකෙත්ට හොරෙන් එතනට යනවා කියන්නේ- සංකෙත්ව අපහසුතාවයට පත්කරන්න කරන වැඩක්ද?

ඔවා හිතන අතරේ කාර්එකට ගොඩනැගිලා ආයෙමත් මලිතිගේ ගෙදරට ගිය ආදිත්‍ය මලිතිවත් එක්කාසු කරගෙන කලින් කතාකරගත්ත විදිහට කේසර අයියවයි, නෙත්මිනවයි දෙන්නවත් මගින් අරගෙන බෝපිටිය ප්‍රධාන කාර්‍යාලයට එනකොට නවයත් පහුවෙලා.

සිකුරිටි එකෙන් කවුද වාහනේ ඇතුලේ ඉන්නෙවත් නොබලා ගේට්ටුව ඇරියා. සති අන්තවල ආදිත්‍ය සමාගම් කාර්‍යාලයට ඇවිල්ලා දවසපුරා වැඩකරලා තියෙනේ දවසක් දෙකක් නෙමෙයිනේ... ඊලඟට ආරක්ශිත කැමරාවලට හරියටම නොපෙනෙන දුරක වාහනය පාක් කරපු ආදිත්‍ය වෙනදට පාවිච්චි කරන විදුලි සෝපානය වෙනුවෙනට සර්විස් ලිෆ්ට් එකක් ලඟට ගියේ සර්විස් ලිෆ්ට්වල ඇතුලේ කැමරා නැතිබව දන්න නිසයි. ඒත් රථගාලෙන් ඉහලට යන සර්විස් ලිෆ්ට් එක ක්‍රියාත්මක කරන්න නම් ඇක්සෙස් තියෙන කෙනෙක්ගේ අ‍යිඩීකාඩ් එකක් ඕනේ.

මලිතිගෙවත් නෙත්මිනගෙවත් හැඳුනුම්පත් නොගෙන ආදිත්‍ය එයාගේ කාඩ්එකින් සෝපානය ක්‍රියාත්මක කෙරෙව්වේ හදිස්සියෙන්වත් මාමා එයා නැතිවෙලාවේ ඔෆිස් එකට ආවේගියේ කවුද කියලා හොයලා බැලුවොත් අහුවෙන්නේ ආදිත්‍ය විතරක් වෙන විදිහටයි. මලිති... නෙත්මින... මාමාගේ රේඩාර්එකින් ඈත්වෙලා ඉන්න තරමට හොඳයි කියලා ආදිත්‍යට හිතුනා.

අසුර හැන්ඳෑවHikayelerin yaşadığı yer. Şimdi keşfedin