(යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ )
🌚🌝Ep 2
ජීවිතේ කිසිම කෙනෙක් එන්න හිතන්නෙවත් නැති තැනක්.අැත්තම කිව්වොත් මේක....අපායටත් වඩා දරැණු ගොඩක් පිළිකුල් සහගත හැඟීම් දනවන තැනක්.එතකොට ....එ් තැනේ හිමිකාරයා ? දැන් ඔයත් හිතන්නෙ මං හිතන දේමද ?ඔව් ! මාෆියා ලෝකෙ වර්තමාන බලවතා ! සුගාගෙ රහසිගත වදකාගාරය .....
"අහ් ! ෂිබාාාල් !! මාව හමගැහුවත් තොපිට එ්ක දැනගන්න වෙන්නෙ නෑ.!!අා....හ් !!"
අත්දෙක පිටිපස්සට තියලා කම්බියකින් ගැටගහලා හිටිය එ් මැදිවියේ මිනිහාගෙ මූණ ඉස්සරහින් තිබුනු වතුර පුරවපු බැරල් එකට එබුනෙ හය වෙනි වතාවට.එ් හරිම අනුකම්පා රහිත විදිහට .
ඔය මොනවා වුනත් එකම එක මනුස්සයෙක් නිසා මොබ්ස්ටර්ලා පැය ගානක් කාලෙ නාස්ති කරන එක සුගා නං කොහොමටවත් ඉවසුවෙ නෑ.කොල්ලා හිටියෙ කේන්තියෙන්.මොකද කාලෙ කියන්නෙ කිසිම විදිහකින් අායෙ අැදලා ගන්න බැරි හරි වටින දෙයක්.
"Up !"
සුගාගෙ එක හස්ත සංඥාවකින් මිනිහගෙ ඔලුව අායෙ උඩට අැදිලා අාවා.වේගයෙන් හුස්ම ගන්න උත්සහ කරන ගමන් හිටපු මිනිහා ඉස්සරහින් වාඩිවෙලා තියුණු අැස්වලින් තමන් දිහා බලන් හිටපු සුගා දිහාවට සමච්චල් හිනාවක් දැම්මා.
"යා ! මේකෙන්ම පේන්නැද්ද උඹලගෙ ගැන්ග් එකේ තියන දුර්වලකම අා !බලනවා ! බලනවා ලේසියෙන් දකින්නවත් බැරි තමුසෙලගෙ ලීඩත් අද මෙතන !!කිසිම බලයක් නැති මේ නිකංම නිකං මං වෙනුවෙන් ㅋㅋㅋㅋ"
මිනිහා හයියෙන් හිනා වුනත් එ්ක නිකං අඳුරැ බිංගේ අැතුලෙ භයානක විදිහට දෝංකාර දුන්නා විතරයි.සුගාගෙ තියුණු බැල්ම එහෙමමයි.තත්පර ගානක්.ගතවෙද්දි කොල්ලා සාක්කු දෙකටත් අත් ඔබන් පුටුවෙන් නැගිට්ටෙ මිනිහා ළඟට හෙමින් අඩි තියන ගමන්.එ් සපත්තු අඩි හඬ කොයිතරම් පවර්ෆුල්ද කියනවනං වටේ පිටේ හිටපු මොබ්ස්ටර්ලා පවා හිටියෙ සීරැවෙන් .තවමත් කිසි ගානක් නැතිව පිස්සෙක් වගෙ හිනාවෙන ගමන් හිටපු මනුස්සයගෙ මූණට එබුනු සුගා එ් මූණෙ හැම අඟලක්ම හොඳින් නිරීක්ෂණය කලා.කොයිතරම් පුරාජේරැව දැම්මත් එ් වෙදදිනං මිනිහගෙ මුළු මූණම තිබුනෙ බයෙන් මිරිකිලා.
YOU ARE READING
යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌕🌔
Fanfictionඉතා අෑත අතීතයේ බෙක්දු කන්දේ වාසය කලා දරැණු යක්ෂයෙක්....එ් මුහුණ දුටු කිසි කෙනෙක් නැවත හුස්ම ගත්තෙ නෑ. එහෙනං එ්ක නිකංම හීනයක් නෙවෙයි.... කලින් මා පැවසුවත් ...ඔබ අතින් මිය යන්න සූදානම් කියා ...දැන් මට එ්ක කරන්න බෑ.මගේ ස්වාමියා ....ඔහු තවමත් අනතුරේ...