🌚යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌙
EP 7
ජොසොන් රාජධානිය
හන්යැන්ග්
එ් වන විටත් යක්ෂයාගේ බලපෑමට හසුව හන්යැන්ග් අගනුවර මිනිසුන් එකින් එකා අතුරැදන් වන්නට පටන් ගෙන තිබිණි.සැවොම බියෙන් සැකෙන් සහ දෙගිඩියාවෙන් පසු වන්නට වූ අතර නිවැසින් පිට වූ සිය අාදරණීයයන් නැවත පැමිණෙන තුරැ බිරින්දෑවරැන් සහ දියණියන් උදේ හවා දෙවියන් යදින්නට වූවෝය.අැතැමුන් යාග හෝම අාදිය පවත්වන්නට වූ අතර එ් කුමකින්වත් යක්ෂයාගේ බල බිඳ හෙලීමට කිසිවෙකුට නොහැකි විය..
.
වෙනදා මෙන් සුපුරැදු ලෙස කුලියක් සොයා යාමට නිවසින් පිටතට පැමිණි මින් මොක්සු අාපසු හැරී පෙරගමන් අා මංවොල්ගෙ නළලත මෘදු හාදුවක් තැබීය .අැය කඳුළු පිරි දෙනෙතින් බලා සිටින්නට වූ අතර මින් අැය අස්වසන සේ පුළුල්ව සිනාසෙන්නට විය."පරිස්සමින් ....ගිහින් එන්න ඔබ ,මොක්සු තුමනි ."
මින් කිසිවක් පැවසුවේ නැත.තවදුරටත් සිනාසුනු ඔහු එ් සිනහවත් සමගම මාවතට පිවිස නැවතත් අැය දෙස හැරී බලා අත වැනුවේය. අනතුරැව ජනාකීර්ණ වූ එම මාවතේ ඔහු නොපෙනී යන තුරැ බලා සිටි අැය නැවතත් ගෙතුලට පැමිණියාය.
"මෑණියන් නිකරැනේ බය වෙලානෙ.පියාණන් වෙනදාක් මෙන් නිරැපද්‍රිතව අාපසු පැමිණේවි ."
මංවොල් සිය කුස සෙනෙහසින් පිරිමදිමින් සිනාසෙන්නට වූවාය.ඔව් ! මින් නිසා අැය එ් වන විටත් පිළිසිඳගෙන තිබිණි.
බාල කාලයේ පටන් අතට හුරැ වූ කඩු දුනු ඊතලත් සමග විවාහ ජීවිතයකට එළඹීමට සිදුවීම අැය දුටුවේ පණපිටින් වැළලීමක් ලෙසටය.නමුත් මින් මොක්සු හමුවීමෙන් පසුව අැගේ සිතේ වූ බලාපොරොත්තු සහ හැඟීම් සම්පූර්ණයෙන්ම වෙනස් විය.දැන් දැන් අැය සතුව හඹා යන්නට වෙනත් සිහින අැත.ලැබෙන්නට සිටින දරැවාත් ,ස්වාමියාත් සමග ජීවිතය පවතින තුරා සතුටින් සිටින්නට අැය සැලසුම් අැඳ අවසන්ය.
නමුත් ........
දෙවයේ සරදමකට මෙන් අැගේ එම සියලු පැතුම් දවා අළු වී යන්නට වැඩි කාලයක් ගත නොවීය.
YOU ARE READING
යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌕🌔
Fanfictionඉතා අෑත අතීතයේ බෙක්දු කන්දේ වාසය කලා දරැණු යක්ෂයෙක්....එ් මුහුණ දුටු කිසි කෙනෙක් නැවත හුස්ම ගත්තෙ නෑ. එහෙනං එ්ක නිකංම හීනයක් නෙවෙයි.... කලින් මා පැවසුවත් ...ඔබ අතින් මිය යන්න සූදානම් කියා ...දැන් මට එ්ක කරන්න බෑ.මගේ ස්වාමියා ....ඔහු තවමත් අනතුරේ...