🌚යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌙
EP 4
" පුරසඳක් අඳුරැ වළාවකින් වැසිය හැකි වුවත් ...එය සදාකාලිකවම කළ නොහැකියි .තාවකාලික නිහඬතාවයකින් පසුව...පුරසඳ නැවතත් බබළන්නට පටන් ගනු ලබනවා. මංවොල් , ඔබත් හරියට එ් වගේ."
මංවොල් සිනාසුනාය.
"මොක්සු තුමනි , ඔබ හරි ලස්සනට කාන්තාවන් වර්ණනා කරන්න දන්නවනෙ."
"වෙනත් කාන්තාවන් ගැන නම් මා දන්නේ නැහැ.ඉතින් මා දන්නා එකම කාන්තාව ඔබ පමණයි."
"ම්...එසේනම් මමත් දෙයක් පවසන්නද ? මොක්සු තුමනි , ඔබ තමයි මේ ලොව මට හමුවූ පිරිසිඳුම සිතක් අැති මනුෂ්‍යයා.හරියට එය...කුඩා දරැවෙකුගේ වගේ."
"අනේ මං දන්නෑ ඔ්වා .මිනිසුන් පවසන්නේ නම් මම මහා අනුවණයෙක් බවයි.එ්ත් ඉතිං ඔබ එලෙස පවසනවානම් ....එසේ සිතන්නම්කො මම."
මංවොල් සිනාසුනාය.මොක්සුද අැය හා පුළුල් ලෙස සිනාසුණේය.
එ්ත්......
.
.
.
.
.
.
..............අගුපිලක උනත් දිව්‍ය ලෝකයක් මවන්න පුළුවන් තරමෙ විස්මිත බලයක් තිබුන එ් හිනා හඬින් සුගා ගැස්සිලා අැහැරැනා පුරුදු විදිහටම.එ් වෙද්දිත් වෙලාව පාන්දර දෙක පහුවෙලා විනාඩි ගානයි.දවස තිස්සෙම නන්ස්ටොප් වැඩවල හිරවෙලා හිටපු සුගා අැඳට වැටුනෙ හොඳටම තෙහෙට්ටුවෙන්.එ්ත් දැන් .......
"අාහ් ! ෂිට් !! මොන....මොන $&@%$& ද මට මේ හීනෙන් පේන්නෙ අා ? අායිශ් ....ශීබල් !!!"
කේන්තියෙන් අැඳෙන් නැගිටපු සුගා බාර් සෙක්ෂන් එකට ගිහින් විස්කි බෝතලයක් පිටින් කටේ හලා ගන්න ගමන් සෝෆා එකෙන් වාඩි වුනා.
" අැමෙරිකාවෙන් කැනඩාවට ට්‍රාන්ස්ෆර් කරන්න තියෙන වෙපන්ස් ටික ගැන පේනවා වෙනුවට මේ වගෙ එලොවටත් නැති මෙලොවටත් නැති විකාර පේන්නෙ අැයි අා ? අනික ජොසොන් කාලෙ ! අහ් ! යා !!! මට මේ හීන පෙන්නන එකාට කියන්නෙ ! උඹ අල්ලන් තියෙන්නෙ වැරදි එකාව !! වැරදි එකාටයි උඹ ඔය හීන පෙන්නන්නෙ !! ජොසොන් කාලෙ කෙල්ලෙක් එක්ක මෝඩ කතා කියවනවා වගෙ විකාර පෙන්නන්නෙ නැතිව ....ඊළඟ පාර මගෙ බිස්නස්වලට වැදගත් දෙයක් පෙන්නනවා අරස්සෝ !!!!? "
YOU ARE READING
යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌕🌔
Fanfictionඉතා අෑත අතීතයේ බෙක්දු කන්දේ වාසය කලා දරැණු යක්ෂයෙක්....එ් මුහුණ දුටු කිසි කෙනෙක් නැවත හුස්ම ගත්තෙ නෑ. එහෙනං එ්ක නිකංම හීනයක් නෙවෙයි.... කලින් මා පැවසුවත් ...ඔබ අතින් මිය යන්න සූදානම් කියා ...දැන් මට එ්ක කරන්න බෑ.මගේ ස්වාමියා ....ඔහු තවමත් අනතුරේ...