🌚යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌙
EP 6
"බොස් , "
"කියපන් .".
"අපි මිනිහා හොයා ගත්තා !"
අාරක්ෂක සෑම් කියනකොට ෆයිල්ස් වගයක් චෙක් කරකර හිටපු සුගාගෙ අවධානෙ එ් පැත්තට හැරැනා.
"කවුද උෟ ?"
සුගා අැහුවෙ අාපහු ෆයිල්ස් දිහා බලාගෙනම.
"පාක් සොන් වූ .වයස අවුරැදු හැටයි.සෝල් යුනිවසිටි එකේ සීනියර් ලෙක්චර් කෙනෙක්."
විස්තර අහපු යුන්ගි කටකොනකින් හිනා වුනා.
"එහෙමනං ....මං ගෙස් කලා හරි.මේක very interesting case එකක් වෙන්නයි යන්නෙ."
🌙🌔🌓🌒🌑
ජොසොන් රාජධානිය
හන්යැන්ග් .එය අඩ අඳුරේ ගිලුනු විශාල ගල් ගුහාවකි.තැනින් තැන අඳුර දුරලන්නට දැල්වූ පහන් සවි කොට තිබූ අතර දියසෙවෙලින් බේරී අැදවැටෙන්නට වූ දිය බිඳුවල හඬ පමණක් හාත්පස සිසාරා අැසෙන්නට විය.
මේ සියල්ල මැද එකපෙළට දණගස්වා සිටි මිනිසුන් දෙදෙනෙකි.ඔවුන්ගේ දෑත් ශක්තිමත් කඹවලින් බැඳ දමා තිබූ අතර දෑස් රෙදිවලින් අාවරණය කර තිබිණි.
සුළු මොහොතක් ගත විණි.බිම දිගේ අැදී එන්නට වූ කඩුතලයක ශබ්දයක් ඔවුන් පසුකර ගොස් ඉදිරියෙන් නතර විය.නිහඬ සංඥාවකින් පසු ඔවුන්ගේ දෑස් බැඳි රෙදි ඉවත් කරන ලද අතර එ් වන විටත් මූලාසනය හොබවන්නට වූ තැනැත්තා දැක ඔවුන් වෙව්ලා යන්නට වූවෝය.මන්ද ....ඔවුන් ඉදිරියේ සිටියේ මිනිසෙකු ජීවිතයේ කිසිම දාක හැබැහින් දකින්නට බලාපොරොත්තු නොවන අාකාරයේ තැනැත්තෙකි.
අන්කිසිවෙකුත් නොව එ් ජොසනය පුරා පැතිරැණු ඝන අන්ධකාරයේ මැවුම්කරැ වූ බෙක්දු කන්දේ යක්ෂයා විය.!
"අගනුවර වෙළඳ ප්‍රධානී පාක් ජේ හ්වන් ! බදු එකතු කරන්නන්ගේ සංගමයේ ලේකම් කිම් මින් හෝ ! මා කවුරැන් කියාද නුඹලා සිතා සිටින්නේ අා !?"
මූලාසනය හෙබවූ එ් ගැඹුරැ හඬ හමුවේ මැදිවියෙහි වූ එම නිළධාරීන් දෙදෙනා එකිනෙකාගේ මුහුණු දෙස බලමින් කලබලකාරී හැඟුම් හුවමාරැ කරගන්නට වූවෝය.
YOU ARE READING
යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌕🌔
Fanfictionඉතා අෑත අතීතයේ බෙක්දු කන්දේ වාසය කලා දරැණු යක්ෂයෙක්....එ් මුහුණ දුටු කිසි කෙනෙක් නැවත හුස්ම ගත්තෙ නෑ. එහෙනං එ්ක නිකංම හීනයක් නෙවෙයි.... කලින් මා පැවසුවත් ...ඔබ අතින් මිය යන්න සූදානම් කියා ...දැන් මට එ්ක කරන්න බෑ.මගේ ස්වාමියා ....ඔහු තවමත් අනතුරේ...