EPISODE 3

181 35 5
                                    

🌚යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌙

EP 3

     විවාහය කෙසේ හෝ මගහැර යා යුතු බව සිතුවත් අවසානය දක්වාම මංවොල්ට කිසිවක් කරගත නොහැකි විය.  පැමිණ සිටි  අාරාධිත අමුත්තන් ඉදිරියේ අසරණ මංවොල්ට මහල්ලෙකුගේ මනාලිය වීමට සිදු වූයේ ඉතාමත් අවාසනාවන්ත ලෙසටය.

              මංගල රාත්‍රිය උදා විය.මංවොල්ගේ හද වේගයෙන් ගැහෙන්නට විය.තවත් සුළු මොහොතකින් තමාගේ පිරිසිඳු තාරැණ්‍ය කෑදර මහල්ලෙකුගේ ගොදුරක් වන බව සිතන විට අැගේ සිතට දැනෙන්නට වූයේ බියටත් වඩා වැඩි කෝපයකි.

  මත් බඳුනක්ද අතැති ව සිටි නිළධාරී ෂින් සුගන්ධවත් කළ එ් සුවපහසු කුටියේ අෑ අසලින් අසුන් ගත්තේය.එ් වන විටත් මදුවිතින් මත්ව සිටි ඔහු දුටු මංවොල්ට අැති වූයේ පිළිකුල් සහගත හැඟීමකි . තවත් මත් බඳුන් කිහිපයක් හිස් කළ නිළධාරී ෂින්ගේ කෑදර දෑස් මංවොල් වෙත යොමු විය. ඔහු ඉතා හදිස්සියෙන්  අැගේ උඩු කබාය ඉවත් කිරීමට සූදානම් වූවා පමණි.!

"මගේ ශරීරයට එක අතක් හෝ තැබුවොත්.....මා නුඹව මරා දමනවා !"

    මංවොල්ගේ දැඩි වදන් හමුවේ නැවතුනු නිළධාරී ෂින් පුදුමයෙන් අැගේ දෑස් දෙස බැලීය .එ්වා තියුණුය.නමුත් බිය වීමට අැති හේතුව කුමක්ද ? අැය දැනටමත් ඔහුගේ භාර්යාව වී අවසන්ය .

"මංවොල් , තවමත් හිරිමල් තාරැණ්‍යයේ පසුවන ඔබ සමහරවිට දන්නේ නැතිව අැති.තරුණියක් විවාහ වූ මොහොතේ සිට තම ස්වාමියාට කීකරැව සිටිය යුතුයි.ඔහු කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවත් ...එතැන් පටන් ඔබගේ ස්වාමියා ! බිරිඳක් වශයෙන් ස්වාමියා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් කොටසකුත් තිබෙන බව අැය දැනගත යුතුයි."

    එසේ පැවසූ ෂින් නිළධාරී කට කොනකින් සිනාසී අෑ වෙත යළිත් ළං වන්නට උත්සහ කලේය.එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට සිදු වූයේ අතෙහි රැධිරය ගලන කැපුමක් අැති කරගන්නටය.මංගලෝත්සවයට පෙර තම ලෝගුවෙහි සඟවාගත් මුවහත් කිණිස්ස ! එය තවදුරටත් සඟවාගෙන සිටින්නට අැගේ සිත බියපත් නොවීය.

යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌕🌔Where stories live. Discover now