LAST EPISODE

322 43 27
                                    

.🌚යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌙

EP 11

.
.
.
.
.
.
.
.
.
.
.
.
       
අවුරැදු තුනකට පසු ......🌓🌒🌑🌔🌙

"ඩොක්ටර්....."

"බය වෙන්න දෙයක් නෑ එයා හොඳින්.එ්ක ලොකු අැක්සිඩන්ට් එකක් වුනත් එයා වාසනාවන්තයි."

"එ්ත් ඩොක්ටර් එයා ......"

"මං දන්නවා .හැමදේම හොඳින් ."

         ඩොක්ටර් ලී හිනාවකුත් එක්ක පිටට චූටි තට්ටුවකුත් දාලා අස්වසද්දි යුන්ගි පොඩ්ඩක් හිත සැහැල්ලු කරන් එළියට අාවා.
එ් එක්කම කොල්ලා ඉස්සරහට දුවන් අාවෙ අවුරැදු තුනක විතර චූටි හුරතල් රෝස මලක්.      

"අප්පා ....."

"අඬන්න එපා යුන්හී.ඔම්මා හොඳින්."

"චින්චා ?"

"ම්."

     චූටි යුන්හීගෙ ඔලුව අාදරෙන් අතගාපු යුන්ගි කෙල්ලව තුරැල් කරගත්තෙ එ් අැස්වල දිලිසෙන්න ගත්ත කඳුළු පිහිදාන ගමන්.
.
.
.
.
.
"යුන්ගි ෂි , ඔයාගෙ වයිෆ්ට සිහිය අාවා.දැන් බලන්න පුළුවන්."

   නර්ස් කෙනෙක් ගෙනාපු සුබ අාරංචියත් එක්ක යුන්ගි හොස්පිටල් රෑම් එකට දිව්වෙ එක මොහොතක්වත් ප්‍රමාද නොකර.

"හනා ......"

    ඔව් ! එ් හනා.කිම් හනා ! ගොඩක් දේ වුනු ගෙවුනු අවුරැදු තුනකට පස්සෙ හනාට හොස්පිටල් එන්න වුනේ බස් අැක්සිඩන්ට් එකකින් අැති වුනු කම්පනය නිසා.

   එ් වෙනකොටත් ජනේලෙන් එහා පැත්ත බලන් හිටපු හනා ළඟින්ම අැහුනු එ් අාදරණීය හඬින් හැරිලා බැලුවෙ මූණ පුරා පැතිරැන අහිංසක හුරතල් හිනාවත් එක්ක.

එ්ත්........

තමන් ඉස්සරහ හිටපු යුන්ගි දැකපු හනාගෙ මූණ එකපාර වෙනස් වුනා.කෙල්ල කලබලෙන් අැඳෙන් බැස්සෙ සේලයින් එකත් ගලවලා දාන ගමන්.

"තමුන් .....? "

"හනා , වේ ? තාම සනීප මදි නිසා ...."

"මිනීමරැවා !! මං දැන්ම පොලිසියට කෝල් කරලා තමුන් ගැන කියනවා."

යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌕🌔Where stories live. Discover now