Chapter 1

759 94 62
                                    


"ට්‍රාන්සිල්වේනියාව මධ්‍යම රූමේනියාවේ පිහිටි ප්‍රදේශයක්. ඩ්‍රැකියුලාගේ උපත සිදු වී ඇති ප්‍රදේශය වනවා සේම බ්‍රෑන් මාලිගාව පිහිටා ඇත්තේ මෙම පලාතේය. අපේ පුරාණ නායක ඩ්‍රැකියුලා පිළිබඳ පුරාවෘත්තයේ ආරම්භය මෙහිදී සිදු වී ඇති බව මිනිසුන් විසින් සැලකුවත් එය පුරාවෘත්තයක් පමණක් නොවන බව පැහැදිලිය. රුධිරය උදෙසා සටන් කරන්නවුන්......"

වැම්පයර් වරුන්ගේ පාසලට අද නව දිනයක්. වෙනදා මෙන්ම කම්මැලි ස්වභාවයක් රැඳුනු පාසලේ සිසුන් අධ්‍යාපනයට අවධානය යොමු කල බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. සිසුන්ගෙන් දෙතුන් දෙනෙක් උනන්දුවෙන් ගුරුවරයාගේ දේශනයට සවන් දෙන විට තවත් සිසුන් කිහිප දෙනෙක් තම තමන්ගෙ ලෝක වල හිටියා.

එක් සිසුවෙක් තමන්ගෙ අතේ තිබුණ කඩදාසි රොකට්ටුවක් තවත් සිසුවෙකුගේ හිසට ඉලක්ක කර යවද්දි ඔලුව කසමින් සිය පාඩමට අවධානය දුන් ඔහු කෝප වුණා. රොකට්ටුව අයිති සිසුවා දෙස බලමින් රහසින් බැන වැදුණු ඔහු තවත් විනාඩි කිහිපයකින් සිටියේ පුටුවෙන් බිම. සිදු වුන දේ සිතාගත නොහැකිව තමන්ගේ පිටුපස පුටුවේ සිටි ශිෂ්‍යයා දෙස බැලූ ඔහු සිදු වූ දෙය වටහා ගත්තා.

"මොකටද මගේ පුටුවට ගහන්නෙ ආආ?"

"මං ගැහුවෙ නෑ. පුටුවට හිතෙන්නැති මේක උඩ ඉන්න කොට වැම්පයර් එක්කම වැටෙන්න ඕන කියලා."

තරුණයා පවසන විට මුළු පන්තියම සිනා හඬකින් පිරෙන්න පටන් ගත්තා. ඒත් එක්කම තවත් තරහා ගත්ත ඔහු තමන්ගෙ අතේ තිබුණ කඩදාසි රොකට්ටුව ගෙන එය ඔහු වෙත එවූ කෙනා වෙතම යැව්වා. නමුත් සිදු වුනේ නොසිතූ දෙයක්. කඩදාසි රොකට්ටුව අල්ලා ගත්තේ ඔවුන්ගේ ගුරුවරයා.

"පාර්ක් ජිමින්, ජොන් ජංගුක්..... දැන්මම යනවා පන්තියෙන් එලියට."

"ඒත් සර් මම මොකුත් කලේ නෑනෙ. මම පාඩම් කර කර හිටියෙ ජංගුක් තමයි මාව වැට්ටුවෙ."

"මං එකපාරයි දෙයක් කියන්නෙ. දෙන්නම යනවා පන්තියෙන් එලියට."

ජංගුක් සිය අත් දෙක සාක්කුවට දමාගෙන විසිල් එකක් ගහන ගමන්ම එලියට යද්දි ජිමින් ඔහු පසුපසම ඇදී ගියේ නුරුස්සන ස්වභාවයකින්. ඒ සමඟම ඔවුන්ට සිනහා වෙමින් සිටි ටේහ්යොන්ග්ගේ මුහුණ වෙනස් වුනේ ගුරුවරයා අත තිබුණු කඩදාසි රොකට්ටුව නිසා. ඔහු එය සෙමින් දිග හරින්න පටන් අරගෙන.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now