"අප්පා.........."
තොටුපලේ තිබුණු පාලම දිගේ ටික දුරක් ආපු ටේහ්‍යොන්ග් දැක්කෙ අත් දෙකත් කලිසම් සාක්කු වලට දාගෙන මුහුද දිහා බලාගෙන ඉන්න තමන්ගෙ අප්පව. වෙනදා තිබුණු රෞද්‍ර පෙනුමට වඩා අද ඔහුගේ තිබුණෙ කලබල වුන බවක් කියලා පෙනෙන්නට තිබුණත් ටේහ්‍යොන්ග් ඒ ගැන තැකීමක් කළේ නැහැ.
ටේහ්‍යොන්ග් කතා කරනවත් එක්කම ඔහුගේ පැත්තට හැරුණු සර් කිම් කොල්ලාගෙ හිසේ සිට පාදාන්තය දක්වාම නිරීක්ෂණ කිරීමක් කලා. එතනින් පස්සෙ තමන්ගෙ ඉරියව්වෙ වැඩි වෙනසක් නොකරම සර් කිම් තොටුපලේ පාලම යටට යන්න පටන් ගත්තා. ඔහු දිහා බලාගෙන හිටපු ටේහ්‍යොන්ග් ඔහුගේ පසුපසින් ගමන් කලේ මීට වඩා ලොකු වෙනසක් තමන්ගෙ අප්පාගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා දන්න නිසාමයි.
"අප්පා....... ඇයි හදිස්සියේ?"
"ටේහ්‍යොන්ග්...... මං අද තමුන්ට ලොකු වගකීමක් බාරදෙනවා. ඒකවත් වගකීමෙන් කරනවා."
"මොන වගේ දෙයක්ද ඒපාර ඔයා මගේ ඔලුවට දාන්න යන්නෙ? මම කියලා තියෙනවා......"
ටේහ්‍යොන්ග් තමන්ගෙ සුපුරුදු අකමැත්ත ප්‍රකාශ කරන්න යද්දි සර් කිම් තමන්ගෙ කටට ඇඟිල්ලක් තියලා පෙන්නුවෙ කොල්ලට නිශ්ශබ්ද වෙන්න කියලා. මොන දේ වුණත් තමන්ගෙ අප්පාගෙ දරදඬු තීරණ වල වෙනසක් නැති බව ටේහ්‍යොන්ග් දැනගෙන හිටියා. ඉපදුණු දවසෙ ඉඳන්ම ටේහ්යොන්ග්ගෙ හැම දෙයක්ම ඕනවටත් වඩා පාලනය කරන්න සර් කිම් උත්සාහ කරද්දි ටේහ්‍යොන්ග් ටිකෙන් ටික මුරණ්ඩු ගති පැවතුම් තියෙන කෙනෙක් වුණා. ඒ විදිහට ටේහ්යොන්ග්ගෙ අකමැත්තෙන්ම නෞකාවේ ජීවත් වෙන්න එන්න සිදු වෙද්දි කොල්ලා හිටියෙ තවත් තරහින්. ඒත් අලුත් යාලුවො නිසා ඒ තරහා ටිකෙන් ටික මඟ හැරෙන්න ගත්තත් දැන් ආයෙත් තමන්ගෙ ජීවිතයට බලපෑම් කරන එකට ටේහ්යොන්ග්ගෙ තරහා නැවත අලුත් වුණා.
ටේහ්යොන්ග්ගෙ දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු සර් කිම් පාලම යට ආවරණය වෙලා තිබුණු තැනකට ගිහින් තවත් කෙනෙක්ව එක්කන් ආවෙ ටේහ්‍යොන්ග් ඒ දිහා බලන්නවත් උනන්දු නොවෙද්දි. ඒත් මේ අලුත් කෙනා ටේහ්යොන්ග්ගෙ මුළු ජීවිතේටම බලපාන කෙනෙක් බව කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නැහැ. අඩුම තරමින් සර් කිම්වත්.

YOU ARE READING
Wish For Queenmare || KTH ✓
Fanfictionවැම්පයර්වරුන් අනතුරක. ක්වීන්මෙයාර් යනු කුමක්ද? ඔවුන්ට තිබූ ලොකුම ගැටළුව එයයි. This is my original work so don't copy! |Vampire X Horror fiction| Sinhala