Chapter 18

350 82 29
                                    


"ජින් හ්යොන්ග්......"

"හ්ම්.... ඇතුලට එන්න හෝසෝක්."

ජනේලෙ ලඟට වෙලා එලිය බලාගෙන හිටපු ජින් කියද්දි හෝසෝක් කාමරේ ඇතුලට ගියේ කළකිරීමෙන්. ටිකකට කලින් ජින්ට කෑගැහුවත් හෝසෝක් ඒ කිසිම දෙයක් කලේ ජින් එක්ක තිබුණු තරහකට නෙවෙයි. ටේහ්යොන්ග්ගෙ ප්‍රශ්නෙත් එක්ක කොල්ලා ගෙ ඔලුව හොඳටම අවුල් වෙලා.

"මට සමාවෙන්න ඒ විදිහට ඔයාට කෑගැහුවට හ්යොන්ග්. මං ඒක......."

"ඒ ගැන හිතන්න එපා හෝසෝක්. මමත්..... ටිකක් කලබල වුනා. ටේහ්යොන්ග් කියන්නෙ මගේ මල්ලි. මට බැහැ එයාට වැරැද්දක් වෙන්න දෙන්න. ඒ වගේම මට මේ නැවේ හැමෝගෙම ජීවිත ගැන වගකීමක් තියෙනවා."

"මට තේරෙනවා හ්යොන්ග්."

ජින් කියද්දි බිම බලාගෙනම කතා කරපු හෝසෝක් තමන්ගෙ ඇඟිලි එකිනෙක පටලව ගත්තා. ජින් හොඳටම දන්නවා හෝසෝක් මෙහෙම ඉන්නෙ ඇත්තටම තමන් කියපු දේවල් එක්ක කොල්ලා දුකින් ඉන්න නිසා කියලා. හෝසෝක් ඉන්න තැනට ආපු ජින් කොල්ලාගෙ ඔලුව අතගෑවා.

"අපි දැන් යමු. ඊලඟට අපිට යන්න තියෙන්නෙ කොහෙටද බලන්න."

ජින් කියද්දි හෝසෝක් පුදුමෙන් ජින්ගෙ දිහා බැලුවා. කලින් මුරණ්ඩු කමට නැව හරවන්නෙ නැතුව හිටියත් හෝසෝක් අන්තිමට හිතුවා ජින් කියන දේකට එකඟ වෙන්න. ඒත් ජින් දැන් තමන්ගෙ තීරණේ වෙනස් කරලා තියෙනවා දකිද්දි කොල්ලට දැණුනෙ පුදුමයක්.

"ඔය ඇත්තමද ජින් හ්යොන්ග්?"

"හ්ම්....... ඔව්......"

පුංචි හිනාවක් එක්කම ජින් කියද්දි හෝසෝක් කාමරෙන් එලියට ගියේ සතුටින්. ඒත් ජින් ගෙ මූණ ඉක්මනටම වෙනස් වුණා. හෝසෝක් එක්ක හිනාවෙලා හිටියත් ජින් ගෙ මූණෙන් පෙනුණෙ කොල්ලා ලොකු ප්‍රශ්නයක ඉන්නවා කියලමයි.

මේ අතර අනිත් අය හිටියෙ පන්තියට වෙලා ටේහ්යොන්ග් කලින් දවසෙ දැකපු හීනෙ ගැන කතා කරන ගමන්. හැබැයි ඉතින් කතා කරනවට වඩා හැමෝම කලේ කටත් ඇරගෙන ටේහ්යොන්ග්ගෙ විස්තර කිරීම අහගෙන කිව්වොත් මම හරි.

"එයා ලඟට එන්න කිව්වා. පස්සෙ මම ලඟට ගියාට පස්සෙ එයා මගේ අත් දෙකෙන් අල්ලගත්තා....."

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now