යුෆාරාව ඇදගෙන එලියට ආපු ටේහ්යොන්ග් නැවතුනේ නිදන කාමර වලට ඇතුල් වෙන්න තියෙන කොරිඩෝ එකේ. තමන්ගෙ ඉනට අත් දෙක තියාගෙන කලබලෙන් වගේම තරහින් එහෙමෙහෙ ගිය කොල්ලා එකපාරටම කෙල්ලගෙ ලඟට ගියා. කෙල්ලගෙ කම්මුල් වලින් අල්ලලා තමන්ගෙ පැත්තට මූණ හරවගත්ත ටේහ්යොන්ග් දැනටමත් කෙල්ලගෙ කම්මුල් පුරාම තියෙන කඳුළු පිහදාන්න පටන් ගත්තා.
"ඔය ඇඬිල්ල නවත්තගන්නවා. වැම්පයර්ස්ලාට කඳුළු එන්නෙ නෑ. කවුරු හරි දැක්කොත් අතටම අහුවෙනවනෙ."
ටේහ්යොන්ග් කිව්වත් තමන්ගෙ කඳුළු හිර කරගෙන ඉන්න එක ඒ තරම් ලේසි වුනේ නැහැ. කොල්ලාගෙ නපුරුකම් නිසා කෙල්ලට තවත් ඉවසන්න අමාරුයි. ටේහ්යොන්ග් පලවෙනි වතාවටයි මනුස්සයෙක්ගෙ කම්මුල් වලින් ඇල්ලුවෙ. කෙල්ලගෙ කම්මුල් ගොඩක් උණුසුම් කියලා දැනෙද්දි ටේහ්යොන්ග්ට හිතුනා ඒ හැම තැනකම ජීවී බවක් තියෙනවා කියලා. හැබැයි සීතල ශරීර එක්ක හදවතක් නැති වැම්පයර් වරුන් ගැන තත්වය ඊට වඩා වෙනස්.
"එනවා යන්න.... දැන් නිදාගන්න වෙලාව."
කෙල්ලවත් ඇදගෙන තමන්ගෙ නිදන කාමරයට ගිය ටේහ්යොන්ග් බිත්තියකට හේත්තු කරලා තිබුණු තමන්ගෙ මිනී පෙට්ටිය ලඟට ගියා. වැම්පයර් වරුන් විදිහට හැමෝම නිදියන්න පාවිච්චි කලේ, එහෙමත් නැත්නම් විවේක ගන්න පාවිච්චි කලේ සිරස් අතට හිටවපු මිනී පෙට්ටි.
තමන්ගෙ පෙට්ටියට එහා පැත්තෙන් තිබුණු තවත් පෙට්ටියක් ඇරපු ටේහ්යොන්ග් කෙල්ලට අතින් කතා කලේ එතනට එන්න කියලා.
"මේ පෙට්ටිය ඔයාගෙ."
"ඒ... ඒ වුණාට මං හිටගෙන නිදාගන්නෙ කොහොමද?"
"ආශ්..... මම දන්නෑ. මෙන්න මෙහෙම ඇතුලට ගිහින් ඇස් පියාගන්නවා එතකොට නින්ද යයි."
කෙල්ලව පෙට්ටිය ඇතුලට තල්ලු කරලා දොරත් වහලා දාපු ටේහ්යොන්ග් ලොකු හුස්මක් පහලට දැම්මෙ මිනිස් කෙල්ලෙක්ව තියාගන්න එක පුදුම තරම් අමාරු දෙයක් කියලා තේරෙද්දි. නිදහසේ සැහැල්ලුවෙන් ගත වුන තමන්ගෙ ජීවිතේට මහ අමුතුම කරදරයක් ඇතුල් වුන විදිහටයි ටේහ්යොන්ග් යුෆාරා දිහා බැලුවෙ.
![](https://img.wattpad.com/cover/349262488-288-k955918.jpg)
YOU ARE READING
Wish For Queenmare || KTH ✓
Fanfictionවැම්පයර්වරුන් අනතුරක. ක්වීන්මෙයාර් යනු කුමක්ද? ඔවුන්ට තිබූ ලොකුම ගැටළුව එයයි. This is my original work so don't copy! |Vampire X Horror fiction| Sinhala