Chapter 15

366 76 54
                                    


නැවේ පාලන කුටියේ ඉඳන් එලියට ආපු ජින් තමන්ගෙ ලොකු කළු පාට ලෝගුව දාගත්තා. ඒත් එක්කම මෙච්චර වෙලා එලියට වෙලා ලොකු කළු පාට ලෝගු වලින් තමන්ව ආවරණය කරගෙන හිටපු අනිත් අයත් ජින් ලඟට ලං වුනේ මෙතනින් එහාට කරන්න තියෙන දේවල් සැලසුම් කරගන්න. 

"නැව තොටුපලෙන් නවත්තපු ගමන් දෙන්නෙක් ලයිබ්‍රි එකට යන්න. කවුද යන්නෙ?"

"මම නම්ජුන් හ්යොන්ග් එක්ක යන්නම්."

ජිමින් කියද්දි ජින් ඔලුව වැනුවා. ඒත් එක්කම ලොකු කුඩයක් අතට ගත්ත ජිමින් නම්ජුන් එක්කම නැවෙන් එලියට ගියේ දවල් කාලය නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන ගමන්. ඉර එලියෙන් බේරෙන්න පුළුවන් වුනත් ඊලඟට එන කරදරයෙන් නම් ඔවුන්ට බේරෙන්න අමාරු වෙයි.

"ඒයි...... තමුන් ලා මෙහෙම හිතුන හිතුන දේවල් කරන්නෙ කොහොමද ආආ?"

ජේස් නැවේ උඩ තට්ටුවට ආවෙ කලබලෙන්. ඔහු එක්කම තවත් කළු පාට ලෝගු වලින් ශරීරය ආවරණය කරගත්ත දෙන්නෙක් එලියට ආවෙ ජින් තමන්ගෙ නලල පිරිමදින්න ගනිද්දි. මේ වගේ දේකට මුහුණ දෙන්න වෙන බව කොල්ලො ටික දැනගෙන හිටියා.

"ජේස්........ අපි ඉන්නෙ නෝර්වේ වල."

නැවෙන් එලිය බලපු විල් කෑගහද්දි ජේස්ගෙ මූණෙ තිබුණෙ ප්‍රශ්නාර්ථයක්. 

"අපි යන්න ඕන මේ පැත්තට නෙවෙයි. අපි මොකක්ද නෝර්වේ වල කරන්නෙ සර් ජින්?"

"අපිට මාර්ග සිතියම වැරදුනා ජේස්. ඒ හින්දා අපි ටික වෙලාවකට තොටුපලේ නතර වුණා. කලබල වෙන්න එපා. අපි ඉක්මනින්ම පිටත් වෙමු."

ජින් පුළුවන් තරම් සන්සුන් විදිහට කිව්වත් ජේස්ගෙ තියුණු ඇස් වලින් බේරෙන්න නම් කාටවත් පුළුවන් වුනේ නැහැ. ඇත්තටම මෙතන හිටපු දෙන්නෙක් අඩුයි කියලා ජේස්ට පෙනුනා.

"කොහෙද එතකොට නම්ජුන් ජිමින් දෙන්නා?"

"එයාලා නැවේ පහල තට්ටුවේ ඉන්නවා."

"ඔයා තව කොච්චර බොරු කියනවද සර් ජින්. එයාලා හිටියෙ මෙතන!"

ජේස් ටිකක් තද ස්වරයකින් කියද්දි ජංගුක් ජේස්ගෙ ලඟට ලං වුනේ එක ඇහිබැමක් උස්සලා බලන ගමන්. ජේස්ගෙ හැසිරීම ගැන හැමදාම වගේ කොල්ලට තිබුණෙ අපැහැදිලි බවක්.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now