Chapter 7

400 91 30
                                    


වැස්සත් එක්ක දැනෙන සීතල විඳිමින් අහස දිහා බලාගෙන හිටපු ටේහ්යොන්ග් නැවේ එක කොනකට හේත්තු වෙලා නැවේ අනිත් කොන දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා. එකපාරටම කොල්ලාගෙ ඇස් වලට අහු වුනේ ඔවුන් වගේම වැස්සෙ තෙමි තෙමි ඉන්න තව දෙන්නෙක්.

"ඔයා තාමත් කලින් විදිහටමද මගේ දිහා බලන්නෙ එලී?"

"මං කිව්වනෙ ජිමින්. මට තවත් ඔයා එක්ක කතා කරන්න දෙයක් නැහැ. මම ඔයාට එන්න කිව්වෙ ආයෙ මං ගැන තැන තැන කියව කියව යන්න එපා කියන්න."

නැව් තට්ටුවේ එහෙට මෙහෙට ඇවිදින ගමන් රුවල් එහෙ මෙහෙ කරමින් එලී ජිමින්ගෙ දිහා නොබලාම කියාගෙන ගියා. ජිමින්ගෙ වේදනාත්මක ඇස් වල තිබුණු දේවල් අඳුරගන්න ඇත්තටම එලීට වුවමනාවක් තිබුණෙ නැහැ. තමන්ට ඕන දේ කිව්වට පස්සෙ එතනින් එහාට ජිමින් එක්ක කතා කරන්න දෙයක් ඇයට තිබුණෙ නැහැ.

"මම ඔයා ගැන හැමතැනම කිව්වෙ නැහැ එලී. එදා යුංගි හ්යොන්ග් මම ඇඳපු චිත්‍රෙ දැකපු නිසයි එහෙම වුනේ."

එලීගෙ දිහා තවත් එකපාරක් බලපු ජිමින් නැවේ පහල තට්ටුවට ගියේ ටේහ්යොන්ග් එතන වුන සේරම දිහා බලාගෙන ඉදිද්දි. ජිමින්ගෙ තත්වය තේරුම් ගත්ත හොඳ යාලුවෙක් විදිහට ටේහ්යොන්ග් මීට කලිනුත් කොල්ලට මේ දේවල් ගැන පැහැදිලි කරන්න උත්සාහ කලා. ඒත් තාමත් ජිමින් ඒ දේවල් නිසා විඳවනවා.

"හැචුං..... හා....හා.....හැචුං........"

වැස්සෙ තෙමුණු නිසාම හෙම්බිරිස්සාවක් හැදීගෙන එන යුෆාරාගෙ කිවිසුම නිසා ආයෙත් කල්පනා ලෝකෙන් එලියට ආපු ටේහ්යොන්ග් කෙල්ලවත් ඇදගෙන පහලට ආවා. තමන්ගෙ කාමරේට ගිය ටේහ්යොන්ග් කෙල්ලගෙ පැත්තට තුවායක් විසි කරලා කාමරෙන් එළියට ගියේ යුෆාරා තමන්ගෙ තෙත ඇඳුම් මාරු කරගනිද්දි.

මේ අතර ජින් හිටියෙ පාසලේ සංවිධායක මණ්ඩලය එක්ක කතා කරන ගමන්. 

"මම හිතන්නෙ මේ දේවල් ආයෙත් හොයන එක මහ මෝඩ වැඩක් සර් නොයෙල්."

සංවිධායක මණ්ඩලයේ විශේෂ නිලධාරිනියක් වුන මිසිස් ජුලියානා කියද්දි පාසලේ ඉගැන්වීම් කටයුතු භාරව හිටපු ගුරුවරුන් තිදෙනාත් ඒක අනුමත කලා. නමුත් පාසලේ ප්‍රධානියා හැටියට සර් නොයෙල් මේ ගැන දැරුවෙ වෙනස්ම අදහසක්.

Wish For Queenmare || KTH ✓Where stories live. Discover now