🌟 Part 01🌟

169 12 4
                                    

ජීවිතේ හරිම පුදුමයි කියලා දැන් මට හිතනවා . හ්ම්ම්ම්ම් මෙච්චර දුරක් එන්න හිතුවෙ නැතත් මම අද හිතපු නැති තැනක . ගොඩක් දේවල් ලැබිලා තිබ්බත් තිබිච්ච දේවල් අහිමි වෙලා දත් කියලා හිතෙන්නෙ මේ වෙලාවට . අනාථ නිවාස හැදුනු මට තනිකම නුහුරු වක් නොවුනත් ජීවිත ඉස්සරහට යද්දි තනිකම දැනෙනවා.එදා මාව ඕනි නෑ කියපු දාලා ගියපු මිනිස්සුන්ට හරි මාව ආඩම්බරයක් විදියට පේනවා. හ්ම්ම්ම් මට පරණ දේවල් අමතක නෑ. නමුත් මට මතක් කරන්න උවමනාවකුත් නැහැ . එදා දැනුන තනිකම , ගැරහුම්,අවලාද ඔක්කොම මාත් එක්ක ඉස්සරහට ආවා. ඒත් දැන් පැසසුම් , ගෞරවය , කීර්තිය ,
ප්‍රසිද්ධත්වය එක්ක ඇවිදන් යනවා. මගේ කියලා කවුරුත් නොහිටිය ලෝකේ දැන් පාරෙ බැහැලා යන්න බැරි තරම් .

" සර් . Tea එක ගෙනාවා."

" ඔතනින් තියලා යන්න මල්ලි "

" හරි සර් "

හ්ම්ම්ම්ම් බලනවද " සර්" කිව්වෙ ඇයි කියලා . ඉන්න මම කියන්නම්. මම විවේත් අශ්විත සමරනායක . මම වයස 5 දිලු මගේ අම්මා නැති උනේ . ඒකට හේතුව කියල නම් කිව්වේ මගේ කාලකන්නිකම කියලා.හ්ම්ම්ම්ම් අම්මා නැතිවෙලා මාස දෙකක් යන්නටත් ඉස්සෙල්ලා . තාත්තා වෙන කසාදයක් බැන්දා . ඒකත් අම්මගේ හොඳම යාළුවා එක්ක. මට පොඩි කාලේ මතකයි ඒ ආන්ටි අපේ ගෙදර එනවා එද්දී හැමදාම මට chocolate එකක් ගේනවා . ඉස්සර ඒ ආන්ටි හරි හොදයි.හ්ම්ම්ම්ම්

අන්තිමට මට උනේ අනාථ නිවාසෙකට වැටෙන්න . මට අවුරුදු 09 ක් වෙනකන් මේ හැමදේම හොදට සිද්ද උනා . ඒත් ඒ ලස්සන කාලෙ තිබ්බේ ටික කාලයයි ඒ කුඩම්මට ලමයා හම්බෙනකන් විතරයි.තාත්තට සිද්ද උනා කුඩම්මගෙ කීමට මාව අනාථ නිවාසෙකට ගිහින් දාන්න . ඒකත් නොදන්න පලාතක අනාථයෙක් විදියට . හ්ම්ම්ම් එදයින් පස්සෙ තාත්තා ආය කවදාවත් මාව බලන්න ආවෙ නෑ. මුල් මාස දෙකේ මම කලේ අඩපු එක විතරයි. පොඩි වයස නිසා මම ගොඩක් ලෙඩ උනා වෙච්ච දේවල් වලට . ඒ හැමදේකදිම මාව බලා ගත්තේ නිවාසෙ පාලිකාව . ඉතින් මම ආයෙ අඩන්නෙ නැතිව ශක්තිමත් ව ගොඩ නැගෙන්න ගත්තා. ආය කටවත්ම මාව වට්ටන්න බැරි වෙන්න මම ශක්තිමත් උනා .

Dear sir 😎Where stories live. Discover now