💥 Part 4 💥

27 9 0
                                    

විවේත් අද තිබ්බ class දෙක ඉවර වෙලා . Online ලමයින්ට paper එකක video එකක් කරලා ගෙදර ආවේ හතර ගාතේ දාලා . හම්බෝ අමාරූ . ඉන්න බෑ . ඉතින් ගෙදර ආව ගමන් wash එකක් දාලා පහලට ආවේ කමනි නැන්දව හොයන් . හ්ම්ම්ම්

" අම්මා කෝ ඔයා "

කමනි කියන්නෙ ලමයි මහ පාටර ඇදලා දැම්ම අහින්සක අම්මෙක් . දවසක් වැස්ස දවසක ගෙදරින් තමන්ගේ පුතාගේ ලේලි පාරට ඇදලා දාද්දී ඇදි වත පිටින් එලියට වැටුන අහින්සක අම්මෙක් . වැස්ස දවසේ හෙබ්බත් වෙලා ඒ අම්ම මහ පාරේ යද්දී විවේත් හොදටම මහන්සියේ ගෙදර ආවේ class කරලා හෙම්බත් වෙලා . විවේත් ගේ car එකට හැප්පෙන්න ගිහින් බොහොම අමාරුවෙන් බේරුන අම්මව එදා විවේත් ගෙදර ගෙනාවා . එදා ඉදන් විවේත් ගේ තනියට මේ අම්ම ඉන්නවා . අම්මාගේ කතාව අහපු විවේත් අම්මව ගෙදර නවත්ත ගන්නෙ තියෙන හොද ගතිගුන වලට . ඇත්තටම විවේත් ට මේවගේ ලමයින් ගැන හොඩක් කල කිරුනා . අම්මට එක පුතයි . ඒකත් හොදට උගන්නනලා තාත්තා ත් නැතිව ඉස් මහත් කරපු අම්මට මෙහෙම කලේ . කමනි අම්මගේ මනුස්සය මැරෙන්නේ ලමයට අවුරුදු 10දී ඉතින් එතන ඉදන් කඩයප්පන් පුච්චලා බොහොම මහන්සියෙන් ජීවිතේ ගැට ගහගෙන ලමයටත් උගන්නනලා ලොකු මහත්තයෙක් කලාම . ලමය නැති වෙලාවක අම්මා ව ලේලී ගෙදරින් එලෝලා . ඇත්තටම ගෑනිට පිටින් යන්න බැරි නිසා ඒ කොල්ලත් ඔහේ ඉදලා . ඒ කොල්ලටත් ලමයි දෙන්නෙක් . ඉතින් කොල්ල ගෙදර එද්දි තමා දැන ගන්නෙ අම්මා ගෙදරින් එලවලා කියාලා . කොල්ලා පිස්සෙක් වගේ හතර වටේ හොයලා . අන්තිමට අම්මා ගැන පොලීසියට පැමිනිල්ලක් දාලා .

ඉතින් දවසක් නිවාඩු දවසේ විවේත් ලගේ ගෙදරට වෙලා ඉන්න වෙලාවේ තමා ගෙදරට පොලීසිය ආවේ . ඉතින් කොල්ල දැනන් හිටියේ ඔහොම වෙනවා කියලා . ඉතින් විවේත් එයාගේ පොලීසියේ යාලුවාට මේ ගැන කියලා තිබ්බේ . ඒ අම්මත් මේහේ ගොඩක් සතුටින් හිටියා . තමන්ට ආදරේ නැති ලමයින්ට වඩා මෙච්චර ආදරේ කරන පුතා වගේ දරුවා ගාව ඒ අම්මා සතුටින් හිටියා .

ඉතින් අන්තිමට පොලිසියට යද්දී අම්මගේ පුතයි ලේලියි හිටියා . බැලූ බැල්මට ලේලි ගුටි කාලා කියලා අම්ම වගේම විවේත් දැක්කා . ඉතින් අම්ම සද්ද නැතුව හිටියා . පුතා කොච්ච එන්න කිව්වත් කමනි අම්මා ගියේ නෑ . එයා කිව්වේ තවත් කරදරයක් වෙන්න ඕනේ නෑ කියලා එයාට . ඉතින් දෙපාර්ශවයම සමතයකට උන නිසා පොලිස් නඩුව ඉවර උනා . එදා ඉදන් කමනි අම්මා විවේත් එක්ක ගෙදර හිටියා . එයා හොදක් නිදහසේ හිටියේ . එයා විවේත් ට ගොඩක් ආදරේ කලා . විවේත් එයාට මග හැරුන අම්මගේ ආදරේ කමනි අම්මගෙන් ලැබුනා .

Dear sir 😎Where stories live. Discover now