💌 part 15 💌

28 9 3
                                    

විවේත් තාම හීනියට ඉකි බිදිනව . ආග්‍රත් විවේත් ව අත් දෙකෙන්ම බදාගෙන එක අතකින් ඔලුව අත ගගා අනිත් අතින් පිටට තට්ටු දානවා . විවේත් ට ඒ වෙලාවේ තාත්තා කෙනෙක්ගේ රැකවරනය දැනෙන්න ගන්නවා . ඇත්තටම ඒක හරිම ආදරනීය හැගීමක්   . හැම ආදරවන්තයටම දෙමාපියන් ගෙන් ලැබෙන ආදරේ ඒ රැකවරනය දෙන්න බෑ . ඉතින් අද කවදාවත් මෙච්චර කාලෙකට නොවින්ද ඒ රැකවරනය එයාට දැනෙන්න ගන්නවා   .

" ආශූ දැන් ඇති නේද හ්ම්ම්ම් නැත්තම් ලෙඩ වෙන්න ගනීනේ . කෝ දැන් ඇති .

👸 ඌනේ අඩන්න එපානේ .

"  හ්ම්ම්ම් මේ බලන්න ආශූ ආය ඔයාගේ  චූටි මැනික අඩන්න හදන්නේ බලන්න . මේ .

ඔන්න ඒ පාර නම් විවේත් ඔලුව උස්සලා බැලුවා . ඒ මූන රතු වෙලා . ඇසුත් රතු වෙලා . ගොඩක් වෙලාවට වේදනාව හිර කරන් උන්නම මෙහෙම වෙනවා .

ඇත්තටම මෙච්චර වෙලා යාලුවෝ ඔක්කොම බලන් හිටියා . එයාලට මේ වෙලාවේ බදා කරන්න හිත දුන්නේ . මොකද හරියට පවුලක් වගේ තුන් දෙනෙක් එයාලගේ ලෝකෙක අතරමන් වෙලා . ඇත්තටම යාලුවෝ ටිකගේ ඇස් වල කදුලු පටලයක් තියෙනවා . ඒ ඇස් අස්සේ එක එක හැගීම් පිරිලා . එකක් ඒ ඇස් අස්සේ පුදුමයක් තියෙනවා මොකද ආග්‍ර කියන්නෙ කවදාවත් ඔහොම හැගීම් පිරුන කටහඩකින් කතා කරන කෙනෙක් නෙමෙයි . ඒ වගේම ආග්‍ර විවේත් ගාව හැසිරුනේ හරි ම ආදරනීය විදියට වගේම තාත්තා කෙනෙක් වගේ . එයා හරිම පරිස්සමට එයලව බලාගත්තා . ඉතින් යාලුවන්ට සතුටුයි ආග්‍රගේ මේ වෙනස් වීම ගැන .

විවේත් හෙන ලෝබ කමේ ආග්‍ර ගාවින් පොඩ්ඩක් ඈත් වෙලා එයා දිහා ඇස් වල කදුලු පුරෝගෙන හිනා වෙන පුන්චි කෙල්ල ගේ නලලතින් දිග සිපුමක් තිබ්බා . හරිම මෘදු විදියට . ඒක බලන් හිටිය ආග්‍රගේ ඇස් හරි ලස්සනට  දිලිසෙනවා . 

👸 තාත්ති

ඒක පුන්චි කෙල්ලගේ කටින් පිට උනේ හරිම හීනියට . ඒත් ඒක එතන හිටිය හැමෝටම ඇහුනා කියලා හැමෝගෙම මූන දැක්කම පේනවා .

" මො....ක....ද්ද... මැ......නි..ක

👸 තාත්ති

විවේත් වෙව්ලන කටහඩින් අහුවේ එයාට ඇහුන දේ හරිද කියලා බලන්න . විවේත් ආග්‍රට එක පාරටම හේත්තු උනේ හිතා ගන්න බැරුව වගේම එයාගේ කකුල් දෙක පන නැතුව ගියා වගේ දැනුන නිසා .

ආග්‍ර මුලින් පුදුම උනත් එක පාරටම විවේත් එයාට වාරු උන නිසා ආග්‍ර එක පාරටම එයාලව අල්ල ගත්තා . දැන් නම් ආග්‍රගේ මූනේ තියෙන්නේ හරීම ලස්සන හිනාවක් . හරිම පිවිතුරු හිනාවක් .

විවේත් කදුලු පිරුන දිලිසෙන ඇස් වලින් හිනා වෙවී ආග්‍ර දිහා බැලුවේ ඔයාට අහුනද කියන්න වගේ . ආග්‍ර එයා දිහා හිනා වෙවී බලන් ඉන්නවා දැක්ක විවේත්

" අනේ දෝනී "

විවේන් දෝනි කියාගෙන ආග්‍රගෙන් පොඩ්ඩක් අයින් වෙලා පුන්චි කෙල්ලව උඩ දාලා වටයක් කැරකිලා වඩාගෙන මුලු මූනට සිප ගත්තේ ඉව වහා ගිය ආදරයෙන්  .

මේක බලන් ඉන්න ආග්‍රට හිනා ගියේ විවේත් හිනා වෙවී උඩ පැන පැන කෙල්ලව හුරතල් කර කර කෑ ගහන දිහා බලන් . හරියට තාත්තා කෙනෙක් හන්ගන් ඉන්න ආදරනීය ඇස් වලින් තමන්ගේ ලමයි දිහා බලන් ඉන්නවා වගේ . ඒත් මේ තාත්තා ට නම් මූනේ තියන හැගීම් හන්ගන්න බැරි උනා  . බලන් ඉන්න අයටත් හිනා දැන් . කොල්ලො ටික උඩ පැන පැන හිනා වෙනවා මේක දිහා බලන් . ඊට පස්සේ ඇස් වල කදුලු පිහිනවා   . විවේත් තුරුල් කරගෙන පුන්චි කෙල්ලව ආදරෙන් බදාගෙන හිනා වෙද්දී ඒකට නොදෙවෙනිව පුන්චි කෙල්ල කෑගහා හිනා වෙනවා හයියේන්. ඒ සද්දෙට එලියට ආපු ආච්චිලා සීයලත් හිනා වෙලා බලන් ඉදලා යන්න ගියා . එයාලටත් සතුටුයි එයාලගේ පුන්චි දෝනි හිනා වෙද්දී .

" ආ එතකොට මම කවුද princess හ්ම්ම්

ඔන්න ආග්‍ර හොරට මූනත් බුම්බන් අහනවා පුන්චි කෙල්ලගෙන් . ඔන්න දැන් දීපල්ලකෝ ඕවට උත්තර . ඔන්න විවේත් තුත් ඉන්නවා හිනා වෙවී . පුන්චි කෙල්ල ඉන්නවා ඇගිල්ලත් කටේ ගහන් බර කල්පනාවක .

💚 අප්පච්චී

" මොකක්

නිවේන් එක පාරම කිව්ව එකට ආග්‍රට නම් හිතා ගන්න බැරි උනා . හැබැයි තේරෙන්න ඕනේ කෙනාට  තේරිලා වගේ .

👸අප්පත්තී

විවේත්ට ඕක මුලින් තේරුන නිසා විවේත් නම් ඉන්නෙ බිම බලන් දහයට ගනින්න බෑ වගේ . යාලුවෝ ටික නම් ඉන්නවා හෙන පැනි හිනාව දාන් . ඒක දැකපු විවේත් ට ආවේ කවදාවත් දැනුනේ නැති ලැජ්ජාවක් . අයියෝඔ.
එක පාරටම උනේ හිතා ගන්න බැරි දෙයක් . යාලුවෝ ටික විහිලුවට හිනා වෙලා කිව්වත් චූටි කෙල්ල ආග්‍රට හිනා වෙලා ආග්‍ර ඉන්න පැත්තට අත් දෙක දික් කරන් කතා කලා .

එක පාරටම උන දේට හැමෝම ඉන්නේ ශොක් වෙලා. ආග්‍ර ගල් වෙලා පුන්චි කෙල්ල දිහා බලන් ඉන්නවා . ඒත් ආය හරි සිහියට ආව ආග්‍ර ඇස් වල කදුලු පුරෝගෙන අනිත් පැත්ත හැරුනේ හරියට එයා අඩනවා කවුරුත් දකින්න ඕනේ නෑ කියලා වගේ . ආග්‍රට දැනුනේ එයාගේ හිතට ගෙන බරක් දැනුනා කියලා . හරියට වගකීමක් පැටවුනා වගේ . ඒත් ඒක හරිම ආදරනීය බරක් .

Dear sir 😎Where stories live. Discover now