විවෙත් දැක්කා ආග්ර ගේ ඇස් වල කදුලු තියෙනවා . ආග්ර කොච්චර හන්ගන්න බැලුවත් විවේත් දැක්කා ඒ ඇස් වල කදුලු . යාලුවොත් දැන් බලන් ඉන්නේ කොල්ලා දිහා . පුන්චි කෙල්ලා එහෙම බලන් ඉදලා ආග්ර දිහාවට අප්පච්චි කියලා අත් දික් කරනවා .
ආග්ර පොඩ්ඩක් එහෙමම ඉදලා හිනා වෙලා ලගට යද්දී තමා දැක්කෙ හැමෝම එයා දිහා බලන් ඉන්නවා කියලාඅ . හ්ම්ම්ම්
👸 අප්පත්ති
ආග්ර එහෙම්මම ලගට ගිහින් පුන්චි කෙල්ලගේ නලලට සිපුමක් තිබ්බේ හදවතට දැනුන අමුතුම හැගීමට . එයාට හිතුනා එයාගේ තාත්තා ටත් මෙහෙම දැනෙනවා ඇති කියලා . හ්ම්ම්ම් තාම පුන්චි කෙල්ල ඉන්නේ විවේත් ගේ අතේ නිසා ආග්රගේ ලගින් එන සුවද ගොඩක් විවේත් ට දැනෙනවා . විවෙත් ඉන්නේ එයාගේ හදවතේ පාලනේ බොහොම අමාරුවෙන් තමන් අතට ගන්න ගමන් .
ආග්ර එයා ලගම හිටිය විවේත් දිහා බලන් ඉදලා ඇතිවෙච්ච ආසාවකට ඒ නලලටත් ටික වෙලාවක් සිපුමක් තිබ්බේ ඔක්කොම බලන් ඉද්දී.
විවේත් ට එක පාරට තේරුම් ගන්න බැරි උනා ආග්ර මොකද්ද කලේ කියලාඅ . කොල්ලා ඉන්නේ ශොක් වෙලා වගේ . ඒත් ටික වෙලාවක් යද්දී ඒ පහසට ලෝබ උන විවේත් ආය ආග්ර අස්සට රින්ග ගත්තේ පොඩි එකෙක් වගේ . දැන් ආයෙත් විවේතුයි පුන්චි කෙල්ලයි දෙන්නම ආග්ර අස්සේ .
යාලුවෝ ටික නම් මේ දිහා බලන් ඉන්නේ ආසාවෙන් . මොකද මේ දර්ශනය බලන් ඉන්න හිතෙන හරි ලස්සන හීනයක් . හ්ම්ම්ම් ඇත්තටම ඒ ක හීනයක් නෙමෙයි හැබෑ වෙච්ච හීනයක් .
💚 එතකොට අපි කවුද අප්පා. ඔයා අපිව හැලුව නේ පුන්චි කෙල්ලේ .
ඔන්න ආපහු අර වාචාල කට . ඕක ඇහුන ගමන් විවේත් ආග්ර ආස්සෙන් අයින් වෙන්න යද්දී ආග්ර නම් ඒ උනුසුමෙන් අයින් වෙන්න තියෙන ලෝබ කමට ආය විවේත් ව ඇගට හේත්තු කර ගද්දී විවේන් නම් හිනා වෙලා එයාට මොකෝ වගේ ආය ආග්රට හේත්තුවක් දාගෙන කොල්ලො ටික දිහා බලන් හොටියා . හ්ම්ම්ම්
👸මාමිලා .
ඔන්න කෙල්ලගෙන ලැබුන උත්තරේ . ඉතින් ඕක ඉගෙන ගත්තේ කොහෙන්ද කියලද බැලුවේ . ඒකනේ මේ නිවාසේ ඉන්න අය එයාට මේ කොල්ලො ටික ව පෙන්නුවේ අර මාමිලා කියලා . කෙල්ල තියෙන ඇට්ටර කමට ඕක කිව්වෙ නෑ . නමෙන්ම කතා කලා . පුන්චි කෙල්ල ඉතින් දග හුරතලයක් .
