🍷🥂04🥂🍷

263 27 20
                                    

🥂 04🥂

It hurts so much
When
I don't find you by my side
__________🖤__________


"කෝ කොල්ලා"

නවිඳු රූම් එකට ඇතුළු වුණේම එහෙම අහගෙන කමිසයේ ඉහළ බොත්තම් ලිහිල් කරමින් කමිස අත් වැලමිට ලඟට නවන ගමන්.

" තවම සිහිය නෑ. නිදි"

ගයාන් රූම් එකේ තියෙන සෝපා එකේ වාඩිවෙලා ෆෝන් ස්ක්‍රීන් එකට ඇස් අලවන් ඉදියේ. නවිඳු ලඟට ආවම නිවි සැනසිල්ලෙ උත්තර දුන්නා.

නවිඳු ගයාන් දිහා බැලුවෙ ඇස් කොනෙන් රවාලා වගේ.

"කොල්ලට පොඩි සීරීමක්වත් වෙන්න බෑ"

නවිඳු කතා කලේ උඩඟු ලීලාවෙන්. ගයාන්ගේ මූඩ් එක තනිකරම අවුල්.

" මම ග්ලවුස් දාගෙන ඉදියෙ"

ගයාන් ගහගන්න වගේ කියලා දැම්මා. අද ගයාන් ඕනිවට වඩා නවිඳුව ගනන් ගත්තෙ නෑ.

"හ්ම්ම්..."

නවිඳුට හිනා යන්න ආවත් නවිඳු වචනයක් කතා කලේ නෑ. නවිඳු ගයාන් ගැන දන්නවා. නවිඳු ගයාන්ව මේ වැඩේට කැමති කරගත්තේ බොහොම අමාරුවෙන්. කවුද කැමති කොල්ලෙක් එක්ක නිදාගන්න. නිදාගෙන අඩනිරුවතින් පොටෝ ගහන්න.

"ආ...මේ පොටෝස්.."

ගයාන් කැම් එක නවිඳු අතට දුන්නා.

"වැඩිය හිතන්න එපා බං. මේක මගෙන් පිටට යන්නෙ නෑ."

නවිඳු පොටෝස් බලන ගමන් කිව්වෙ මූණත් කළු කරගෙන වාඩි වෙලා ඉන්න ගයාන් දිහා බලලා.

"හ්ම්ම්ම්.. ඕන මඟුලක්"

ගයාන් සාක්කුවෙන් චුයිංගම් එකක් අරන් කටේ දාගන්න ගමන් මිමිණුවේ කේන්තියෙන්.

"මේ ගයානයා... අපි මේ පොටෝ එකෙ උඹේ මූණ හයිඩ් කරලා මුළින්ම මූට යවමු. යවලා බලමු මොකද වෙන්නෙ කියලා."

නවිඳු කිසිම ගානක් නැතුව හිනා වෙවි කියද්දි ගයාන්ට මල යකා නැග්ගා.

"ඕන මඟුලක් කරගන්න එකයි ඇත්තේ"

ගයාන් නවිඳු දිහා බලලා කෑගැහුවේ නවිඳු ඉස්සරහට පැනලා ගයාන්ගේ කට වහගද්දි.

"කෑගහන්න එපා යකූ. අරූ නැඟිට්ටොත්"

නවිඳු ඇඳේ සුවපහසුව නිදාගෙන ඉන්න කොල්ලව පෙන්නලා කියද්දි ගයානුත් ඒ දිහා බැලුවා.

MeMo - මෙමෝWhere stories live. Discover now