🍷🥂13🥂🍷

217 18 7
                                    

🥂13🥂

__________🖤__________


"කෝ යකෝ මගේ කොල්ලා..."

ෂේද් කෑගහපු විදියට සෙහාරා බය වුනා. ඉෂාන් ඉක්මනට ඇවිල්ලා ෂේද්ගෙ අත සෙහාරගෙ අතින් අයින් කරලා දැම්මා.

"ඉෂානයා... අතෑරපන් මාව.. මුන් මගේ කොල්ලව හංගගෙන. මං දන්නවා එයා ගේ ඇතුලෙ ඉන්නවා කියාලා..අතෑරපන් මාව"

ෂේද් ඉෂාන්ගෙන් ගැලවෙන්න උත්සාහ කරන ගමන් කෑගහද්දි සෙහාරා හෙමින් සැරේ පස්සට යන්න ගත්තා. සෙහාරා ෂේද්ට සෑහෙන්න බයවුනා. කලින්.. අවුරුදු හයකට කලින් සෙහාරා දැනගෙන ඉදපු ෂේද්ට වඩා දැන් ඉන්න ෂේද් ගොඩක් වෙනස් බව සෙහාරාට දැනුණා.

"සෙහාරා... මට උත්තර දීපන්..කෝ මගේ කොල්ලා.."

ෂේද් කෑගහද්දි සෙහාරා එයා ලග ඉදපු කොල්ලගේ අතින් අල්ලා ගත්තා. ෂේද් සවීර්ව හොයන්නේ දරුවෙක් නැති වුන තාත්තෙක් වගේ.

"මම මෙතන ඉන්නවා.. ඇයි මොකද?"

සෙහාරා හින්දියෙන් මොනවදෝ කියලා කෑගහද්දී ම ගේට් එකට පිටිපස්සෙන් ඉස්සරහට ඇවිදගෙන එන සවීර් කතා කරද්දී ෂේද් ඉෂාන් විතරක් නෙවෙයි රොජර් පවා බලා ඉදියේ පුදුමයෙන්. ඉෂාන්ට දැනුනා ෂේද්ගේ දරදඩු අත් ලිහිල් වෙනවා. සවීර්ගේ රූපයෙන් ෂේද් දියවෙන්න ගත්තා.

"මුම්ටාස්.. !"

ෂේද් වේදනාත්මක කෙදිරිල්ලකින් කතා කරද්දි රොජර් අඩියට දෙකට ෂේද් ලගට ඇවිදගෙන ඇවිත් ෂේද්ගේ උරහිසින් අතතියාලා තද කලා.

"බේබ්...... ඔයා ඇවිල්ලා.."

ෂේද් අඩි කීපයක් ඉස්සරහට ඇවිදන් ගියේ ඉෂාන් ෂේද් එක්කම ඉස්සරහට ඇවිදන් ආපු නිසයි. මොනවා වුනත් ඉෂාන් ෂේද්ව අතෑරියේ නෑ.

"ඇයි....ඇයි ඔයා ආවනම් මා ලඟට නාවේ"

ෂේද් සවීර්ගේ කම්මුල අල්ලන්න අත දිග ඇරලා කියද්දී සිද්ධ වුනේ ෂේද් තුන්හිතකින්වත් නොහිතපු දෙයක්..

සවීර් ෂේද්ට කම්මුල් පාරක් ගැහුවා. එකක් නෑ...දෙකක්... සවීර්ගේ කිසිම හැඟීමක් නොපෙන්වන මූණ දිහා ෂේද් බලාගෙන ඉදියා. නොහිතපු වෙලාවක වැදුන කම්මුල් පාරින් ෂේද්ගේ ඇස් වලට කඳුළු උනන්න ගත්තා. දත් වලට තදවුන යටිතොල පැලිලා ලේ බිඳක් මතු වුනා.

MeMo - මෙමෝWhere stories live. Discover now