🍷🥂06🥂🍷

228 19 6
                                    


🥂06🥂

__________🖤__________

"ආ....මේක බොන්න.."

සවීර් ඉඳියේ පහල මාලයේ සීතල ටයිල් පොලවේ නිදාගෙන.  සෙහාරා සවීර්ට දික් කලේ පැනඩෝල් දෙකක් එක්ක වතුර වීදුරුවක්. සවීර් අපහසුවෙන්  ඇස් ඇරලා සෙහාරා දිහා බැලුවා. කෙල්ල හොඳටම තෙමිලා. සවීර් කෙලින් වෙලා බිම වාඩිවුණා.

"බබ්ලී... මොකද වුනේ?"

සවීර් ඇහුවේ සෙහාරාගෙ අතින් වතුර වීදුරුවයි බෙහෙතුයි ගන්න ගමන්.

"වැස්සට තෙමුණා. ඕක බීලා ඉවර වෙලා අතන කාමරයට ගිහින් නිදාගන්න මං කාමරේ ලෑස්ති කලා. කෑම හදලා කතා කරන්නම්"

සෙහාරා පහල කාමරයක් පෙන්නලා කියද්දි සවීර් උඩු මහල දිහා බැලුවා.

"හ්ම්ම්... ඒක හොඳයි. ඔයත් වොෂ් දාගන්න අසනීප වෙයි නැත්නම්"

සවීර් සෙහාරා එක්ක වාද කලේ නෑ එයාගෙ කලින් කාමරෙ ඕනිමයි කියලා. සවීර් දන්නවා ඇයි සෙහාරා මෙහෙම කලේ කියලා.

"හ්ම්ම්.. ගුඩ් බෝයී.."

සෙහාරා හිනා වෙලා අයියගේ කොණ්ඩෙ අවුස්සලා කම්මුලටත් හාදුවක් දීලා කිව්වේ සවීර්ව පොඩි එකෙක් ගානට දාලා.

🍷පැය කීපයකට පෙර 👇🍷

සවීර් සෙහාරා එක්ක කතා කරලා පැය භාගෙකට පස්සේ සෙහාරා ආවා නානිගෙ ගෙදරට. කෙල්ලට ස්කූටර් එකක් තියෙනවා. ඉතිං කෙල්ල අයියා වෙනුවෙන් ඉගිලිලා ආවා. සෙහාරා ඉන්නෙත් වැඩි දුරක නෙවෙයි මේ ලගම ඇනෙක්ස් එකක යාලුවෙක් එක්ක.

සෙහාරා ගෙදරට එද්දි සවීර් වැරැන්ඩාවේ වාඩි වුන තැනම ඒ විදියටම වාඩිවෙලා බලාගෙන ඉදියා. ඒ ඉදපු ටික වෙලාවේ කොල්ලා ගොඩක් දේවල් හිතුවා. කොල්ලට ඕනි එයාගේ අනාගතය හරිගස්ස ගන්න. එයාව රවට්ටපු, එයාව රිද්දපු අයට පේන්න අනාගතය හරි ගස්ස ගන්න.

සෙහාරා ඇවිත් හෙමින් සීරුවෙ අයියා ලඟින් වාඩි වුනා. සවීර් නංගිගේ උරහිස්සෙන් ඔලුව තියාගත්තා. ඊටපස්සේ ගෙවිලා ගිය පැය දෙක තුන දෙන්නත් එක්ක ඒ විදියටම ගෙවලා දැම්මා. දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඕනිවුනේ නෑ මේ දැනෙන උණුසුමෙන් මිදෙන්න. දෙන්නගෙම හිත් වල කාටත් නොකියපු රිදුම් දෙන කතා ගොඩක් එක්තැන් වෙලා තිබුණා.

MeMo - මෙමෝWhere stories live. Discover now