🍷🥂15🥂🍷

289 20 10
                                    

🥂15🥂

__________🖤__________

ඉෂාන් කාර් එක ගේට් එකෙන් ඇතුලට දාද්දිම දැක්කේ වැරැන්ඩාවෙ පුටුවකට වෙලා නිදාගෙන ඉන්න වරුණ්ව.

ඉෂාන් කාර් එක නවත්තලා නිදාගෙන ඉන්න ෂේද්වත් ඇහැරවගෙනම කාර් එකෙන් බැස්සා. ෂේද් දොර වහපු සද්දෙට වරුණ් ඇහැරෙනවා ඉෂාන් හොරැහින් බලාගෙන ඉදියෙ.

"ෂේද්.... කොහෙද මනුස්සයො ගියේ"

වරුණ් නිදිමැලි කඩමින් ඉස්සරහට ඇවිදන් එද්දී ඇහුවේ ඉෂාන් දිහා බැල්මකුත් නොබලන්න පරිස්සම් වෙනගමන්.

ෂේද් වරුණ් දිහා බලලා වරුණ්ගේ කරට අත දාගෙන හිනා වුනා. ෂේද් වරුණ් දිහා ටික වෙලාවක් බලාගෙන ඉදියා.

"කෝ අරයා?"

අවසානයේ ෂේද් වරුණ්ගෙන් අහද්දි ඉෂාන් හිස් බියර් ටින් මල්ලයි බෝතලෙයි අරගෙන ගේ දිහාට ඇවිදගෙන ගියා.

"නිදි.. "

වරුණ් ඉෂාන්ව නොපෙනෙන්න අහක බලාගෙන කියද්දි ෂේද් ලොකු හුස්මක් ඉහළට ගත්තා.

"හ්ම්.... ලොක්කා කෝ"

ෂේද් ඒ ඇහුවෙ නිසල් ගැන.

" ආපහු ගියා. මිනිහට කන්නවත් වෙලාවක් නෑ"

වරුණ් ෂේද්ගේ අත කරෙන් පහලට දාලා කිව්වෙ සාක්කුවෙන් ෆෝන් එක ගන්න ගමන්. ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා. කොල්ලා ෂේද්ගෙන් ටිකක් ඈතට ඇවිදන් ගියා.

පාන්දර 5.30ට විතර වරුණ්ට කතා කරන්නෙ කවුද කියලා දැනගන්න ෂේද් වගේම ඉෂානුත් නිශ්ශබ්දව කන් දීගෙන ඉදියා.

"ෂේදයා... ඇතුලට පලයන්.. මං ටිකකින් එන්නම්"

වරුණ් පින්නෙම වැරැන්ඩාවෙන් එලියට බැහැලා ෂේද්ගෙන් ඈතට යන ගමන් කිව්වෙ රින්ග්වෙන ෆෝන් එක ආන්ස්වර් නොකරමයි.

"කවුද බං ඌට මේ වෙලාවෙ කතා කරන්නේ."

ෂේද් ගේ ඇතුලට යන්න හැරෙද්දි දොරකඩට වෙලා වරුණ් දිහා බලා ඉන්න ඉෂාන්ගෙන් ෂේද් ඇහුවත් ඉෂාන් දන්නෙ නෑ කියන්න උරහිස් හොලවලා ගේ ඇතුලට යන්න ගියා.

ෂේද් ආපහු සැරයක් වරුණ් දිහා බලලා ගේ ඇතුලට ඇවිදන් ආවත් කොල්ලා ලිවින්ග් රූම් එකේදි දැක්කේ සෝපා එකේ නිදාගෙන ඉන්න නවිදුව. සෝපා එකෙන් බිමට වැටිලා තියන අතේ ඇඟිලි පුරුක් ප්ලාස්ටර් කරලා තියෙනවා දැක්ක ෂේද් ලඟට ඇවිදගෙන ගිහින් නවිදුගේ මූණ බැලුවා. නවිදුගෙ මූණෙ තැලුම් සලකුනු කීපයක්ම තිබුණා. ඒවගෙ මොනාහරි සුදු පාට බාම් එකක් ගාලා තියෙන හැටි දැක්කම ෂේද්ට හිනා ගියා. ෂේද් ටිකක් වෙලා අයියගේ මූණ දිහා බලා ඉදලා ලොකු සුසුමක් පිටකරලා කාමරේට ඇවිදගෙන ගියේ වරුණ්ගෙ හිනාව වැරැන්ඩාවෙන් ඇහෙද්දි.

MeMo - මෙමෝWhere stories live. Discover now