chapter 03

133 28 22
                                    

තමන්ගේ ඇගට වැටුණ අයිස් කැට තරම් සීතල වතුර එක නිසා ජිමින් එක පාරටම ඔහු සිටි නින්දෙන් අවදි උනා.

ඇස් දෙක හරියට ඇරගත්ත ජිමින් දැක්කේ වතුර බාල්දියත් තාමත් අතේ තියන් ඉන්න ඔහුගේ කුඩම්මව.

" ජිමින් තමුන් කීයටද ඇහැරෙන්නෙ.මනමාලයා ගෙදරට එන්නේ නෑ තමුන්ව කැන්දන් යන්න.තව ටිකකින් වාහනේ එනවා.එතකොට ලෑස්ති වෙලා හිටියේ නැත්තම් බලාගමු "

තාමත් මූණෙන් වැටෙන වතුර නිසා හැමදාමත් වගේ ජිමින්ගේ කදුලු අදත් කාටවත් පෙණුනේ නැහැ.ඒත් ඔහුගේ ජිවිතයේ අද පටන් වෙන්න යන වෙනසට ඔහු කැමති උනා.ඔහුගේ මනමාලයා ගැන හැමෝම නොයෙකුත් කතා කිව්වත් තාමත් වෙලා නැති අනාගතේකට බය වෙන්න ජිමින්ට කිසිම ඕනකමක් තිබුණේ නෑ.

කාමරයේ දොර මහා හඩින් වැහුව කිම් මිසෝ එතනින් ගියේ ජිමින්ට පොඩි සැනසීමක් ලබා දෙමින්.

හොද හුස්මක් ගත්ත ජිමින් ඔහුගේ futon එක නමලා ඔහුගේ තෙත ඇදුම් පිටින්ම නාන කාමරයට යන්නට සිතුවා.

( a/n : futon කියන්නේ කොරියන් ජැපනීස් අය නිදාගන්න ට්‍රැඩිශනල් මෙට්ටේ )

ඔහුගේ කාමරය පිළිවලකට සකස් කළ ජිමින් දුටුවේ කලින් දවසේ ඔහුගේ කුඩම්මා විසින් දුන්න කිමෝනා එක.ඔහු ඒ දෙස බලා ඔහුගේ කුඩා අත කිමෝනා එකේ රටා අතර රැගෙන යන ගමන් සිතුවේ ජිමින්ගේ මව මිය ගිය පසු ඔහුටම කියා අලුත් කිමෝනා එකක් ලැබුණ පළමු පාර මෙය වන නිසා.

කාමරයේ ඔහුගේ කියා තිබෙන සියලුම දේවල් කුඩා බැගයකට දමා ගත් ජිමින් තාමත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ හොද කිමෝනා දෙකකුත් ඔහුගේ බෑගයට දමා ගත්තා.

ඔහු විවාහ වීමට යනවා යැයි වෙනත් කිසිවෙකුට පැවසූවොත් ඒ කිසිම කෙනෙක් ජිමින් විශ්වාස කරන්නේ නැහැ.ඒ තරමටම ජිමින්ගේ බැගය හිස් උනා.

හොද හුස්මක් ගත්ත ජිමින් නාන කාමරයට වී සිටගත්තේ ඔහු මේ නාන කාමරයේ ස්නානය කරන අන්තිම දවස අද යැයි මතක් වී.ඒ මතක් වීමත් සමග ඔහුගේ මූණට නැවතත් සිනහවක් ආවා.

උණු වතුර තටාකයට බැස තමන්ගේ මුළු ඇගම උණුසුම් වතුරින් තවා ගත් ජිමින් මෙතෙක් වෙලා ඔහු ඉහළට බැද සිටි ඔහුගේ කොන්ඩය ලිහා දැමුවා.

永遠の魂 | 𝗬𝗠 | 𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴 Where stories live. Discover now