chapter 06

88 19 7
                                    

No proof reads 💀

කාමරයේ දොර ඉක්මනින් වැසූ ජිමින් ඒ දොරටම හේත්තු උනේ ඔහුගේ පපුව මේතරම් ඉක්මනින් ගැහෙන්නා ඇයි කියලා ඔහුටවත් තේරුම් ගන්න බැරි නිසා.

ජිමින්ට ඒ දැණුණ හැගීම ඔහුටවත් හරියට තේරුම් ගත නොහැකි හැගීමක් උනා.ඒ තරම් ඔහුගේ මනස නොසන්සුන්.ඒ මොන ජාතියේ හැගීමක් වෙන්න පුලුවන් ද?

ඔහු අව්රුදු දහ නවයක් හැදී වැඩුණ ඔහුගේම පවුලේ අය ඔහුට සේවකයෙකුටත් අන්ත විදිහට සලකද්දි ඔහුට මේ මින් පවුලෙන් එක දවසක් තුල ලැබුණ සැලකීම නිසා ඔහුගේ සිත හරිම සතුටින් ඉපිලී ගියා.

ඔහුගේ ඇදුම් එකින් එක උනා දැමූ ජිමින් ඒවා පිළිවලකට අහුරා ඔහුගේ නාන කාමරයට ගියේ හිතේ ඇතිවුන අලුත් බලාපොරොත්තුවකුත් එක්ක.

පහුවදා උදේම අවදිඋන ජිමින් ඔහුගේ පුම්චී නාන කාමරයට ගොස් ඔහුට ජින් විසින් සකසා තිබූ ලා කහ පැහැති කිමෝනා එකක් ඇදහෙන ඔහුගේ කොන්ඩට කඩා දැමුවා.මුහුණට වැටී තිබුන කෙස් ටික පිටිපස්සට කර කොන්ඩා කටුවක් ගසා ඔහුගේ රුව පිළිබදව යම් කිසි තෘප්තියකින් ඔහු කුස්සියට යන්න පිටත් උනේ උතුමාණන් හට ආහාර සකස් කිරීමට ජින්ට උදව් කරන්න.

" සුබ උදෑසනක් ජින් "

" ඔහ් ජීමින් ඔබ අවදි වෙලා "

ජිමින් ජින් දෙස බලා පුන්චි සිනහවකින් ඔහුගේ ඔලුව වැහුවේ ඔව් කියන්න.කුස්සියට යන කොටත් ජින් උදෑසන ආහාර හදන්න පටන් ගෙන තිබුණ නිසා ජිමිනුත් ඔහුට උදව් කරන්න පටන් ගත්තා.

" ඔහු හරිම මෘදුයි.ඒත් පෙන්නන්නේ නෑ "

"අහ්හ් "

සුප් බදුනේ මූඩිය වහන ගමන් ජින් පවසපු දේ නිසා ජිමින් නැවතත් ඔහු දෙස බැලුවා.

" මම කිව්වේ යුන්ගි ගැන.ඔහුට කලින් විවාහ ආවත් සියල්ලක්ම සිදු උනේ නැත්තෙ ඔහුගේ දරදඩු හැසිරීම නිසා " ජිමින් ජින් දෙසම බලාගෙන හිටියේ ජින්ට දිගටම කතා කරන්න ඉඩ දී.

永遠の魂 | 𝗬𝗠 | 𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴 Where stories live. Discover now