නත්තල දවස කියන්නේ මම නම් ආසම දවසක්.. ඒත් ආගම් දෙකක උත්සව සමරන එකේ හැම උත්සවයක් ම ආසම දවස් මට නම්..
"මෙරි ක්‍රිස්මස්..නැඟිටින්න.. අයියලා අද ක්‍රිස්මස්.. අයියලා..." නත්තල් දවසේ උදේම නංගි ඇවිත් අපිව ඇහැරවනවා. වෙනදට නම් අපිට පස්සෙ අඩබෙර ගහල නැගිට්ටවන්න ඕනෙ කෙනා මේ දවස් වලට නම් කලින්ම නැඟිටිනවා.
"හරි හරි නැගිටලා ඉන්නේ..එන්නම් අපි ඔයා යන්න"
හිදුවා නංගිට උත්තර බැන්දට මම නම් ගනන් ගත්තේ නෑ.. ඊයේ රෑ වැස්ස පායලා අද යන්තන් ඉර එළිය වැටිලා. සිසී කියවල ඉවර කරල දුන්න කාන්තාරෙ කුසුම මම මුතුරාජ් සර් ගෙ අතේ දුල්මිනි ට යැව්වා.එයාව මට ආයෙ මුණ ගැහුනේ නැති වුණත් සතියකට කලින් එයා ගෙදර ගියා කියල මුතුරාජ් සර් කිව්වා. මම පාඩම් කරන එක වැඩි කරා.. කොහොමහරි පෙරා යන්න ඕනේ..ඒක හීනයක්වත් යන්න ආසාවක් වත් නෙවේ, ලස්සනයි තමා...එහෙම කාලයක් එක්ක එන විශේෂ ආසාවක් මට නැති වෙන්න හේතුව මම පොඩි කාලේ අප්පච්චි එක්ක ඕනේ තරම් ඕකේ ඇවිදලා තියෙනවා.ඒ කාලේ ඉදල ඇහැ ගැටුන තැනක් නිසා මට විශේෂ ආසාවක් ඇති වෙලා නෑ...
දැන් යන්න තියෙන හේතුව මම දුරකට ගියොත් සිසී ව මිස් වෙනවා.අනිත් එක කෑම්ප් එකට යන්න මට හැම සති අන්තෙකම නුවර බඩගාන්න වෙනවා.
"දේව මෙහෙය ඉවර වෙලා ලන්ච් එක අරගෙනම එමු පුතාලා ඔයාලට වැඩ තියෙනවද"
"නෑ අම්මා."
අද උදේට කන්න තිබ්බෙ කඩචෝරු.ඒක මෙහෙමයි.. අප්පච්චිටයි අම්මටයි සුප් එකක් හදලා.අපිට ඕනෙ නම් බොන්න පුලුවන්..ඒත් නත්තන් කේක්, කප්කේක් බයි සිසී, කස්ටඩ් පුඩින් , මිල්ක්ශේක් එක්ක තව නම නොදන්න මොකක් හරි කෑමක් මේසෙ උඩ තිබ්බ. අපි කෝමත් ඔය කඩචෝරු කන්න තියෙනව නම් බත් කන්නේ නෑ නේ.ඒක නිසා අම්මා නත්තල් මාසෙට ගෙදර ගොඩක් කෑම ජාති හදනව .අවුරුද්දටම ඇති වෙනකන් කන්න පුලුවන් ඒ මාසෙට..
අපි සෙන්ට් ඇන්තනිස් පල්ලියට ගිහින් දේව මෙහෙයට සම්බන්ධ වෙලා cinnamon citadel hotel එකෙන් කාලා ඒකේ හවස් වෙනකන් ඉදලා ගෙදර ආවා. අප්පච්චි අම්මයි එක්ක මෙහෙම එකකට යන්නේ මොකක් හරි විශේෂ දේකට විතරයි. අප්පච්චි කොළඹ කැම්පස් එකේ උගන්නන්නත් යනවා කාලෙකට ඒක නිසා ගෙදර ඉන්න දවස් වලට හොස්පිටල් එකේමයි ඉන්නේ.. මම ඩොක්ටර් කෙනෙක් වුණොත් නුවර ඉස්පිරිතාලෙට නම් යන්නේ නෑ ඒකෙ තමා අම්මයි අප්පච්චි ඉන්නේ. කැම්පස් ගියත් ඉතින් බේරිල්ලක් නෑ අදුරන අයනේ ගොඩක් ඉන්නේ. අම්මට එහෙ ලෙඩ්ඩු බලන්නයි ගෙදර ඉන්න මානසික ලෙඩ්ඩු හතර දෙනයි බලාගන්න ගියාම නින්දට යනකල්ම වැඩ වැඩ වැඩ. ඒත් අම්මට ඒක සතුටක් ලු..
YOU ARE READING
EVENING PRIMROSE | COMPLETE
Romanceආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"