33

814 109 34
                                    

මං නැඟිට්ටේ ඉස්කෝලේ සික් රූම් එකෙන්.. 

මෙතනට ආවේ කොහොමද කියලවත් මට මතක නැතුව බිත්තිය පැත්තෙන් අනිත් පැත්ත හැරෙද්දි හිදුවා වාඩි වෙලා උන්නා.

"මොකද වුනේ.."

"මාත් අහන්නේ ඒක"

"කලන්තෙ දැම්මා  ඔයාට."

"හෑ.."

මං මතක් කරන්න ගත්තා වෙච්ච දේවල්.එසෙම්බ්ලි එක ඉවර වෙන්න ඉස්කෝලේ පාසල් ගීය දාලා තිබ්බා. මට ඉස්සරහ අයව බොඳ වෙලා වගේ පෙන්න යනකොට ඉස්සරහ වගේම පිටිපස්සත් එහෙමද බලන්න මං පිටිපස්ස හැරුනා.මට එච්චරයි මතක.

"මං මෙතනට ආවෙ ?"

"මගෙ කරෙ... ඔයාට අමාරුවක් තිබ්බ නම් ඉස්කෝලේ එන්නෙ නැතිව ඉන්න තිබ්බ.වමනෙ ගිය එක අම්මටත් කියන්න එපා කිව්වා. මනුස්සයෙක්ගෙ ඇඟට දරාගන්න පුලුවන් සීමාවක් තියෙනව චෙනෙත්. හැල්මෙ දුවගෙන යනකොට වැටෙන්න යනවනම් වැටෙන්න කලින් නතර වුණා කියලා මොකෙක්වත් කෑගහගෙන එන්නේ නෑ. කෑගැහුවත් මොකද උන්ගෙ ජීවිතද"  

හිදුවා මහ එකා වගේ කියව කියව මගෙ ඔලුව අත ගෑවා. මේ ඩිංගට සේලයින් එකකුත් ගහල. මේ මිනිහා කියන්න ඇති මං බාගෙට කාලා ඉන්නේ කියලා.

"ගෙදර යන්න වෙයිද"

"ඕනෙද"

"නෑ අනේ.ගෙදර කවුරුත් නෑ.මට යන්න බෑ. න'ස් නැත්තන් පන්තියට යන්."

"න'ස් ගියා ඔෆිස් එකට ආවම කියල යන්..ඇත්තමයි මට ලෙඩ පැත්තක යන්න දෙන්න හිතෙනව ඇට කැඩෙන්න. ඇන්තම් එක අස්සෙ ඔයා නිකන් මළමිනියක් වගේ පිටිපස්ස හැරිලා මූණ දිහා බලාගෙන ඉදලා ගහක් කපලා දැම්මා වගේ වැටුනා. මටත් සිහි නැතිවෙනවා ඒක දැකලා"

මං අහගෙන හිටියා. මගෙ වැරැද්ද නිසා අහන් ඉන්න එපෙයි, නැත්තන් ' වැරැදි කරලා කට ගහන් එඤ්ඤ  එපා චෙඤෙත් 'ගායි.

"දැන් ගිහින් කන්න ඕනේ. වමනයක් ගැන හිතන්නේ නැතුව කාල ඉන්න. මේ ඊජීබී එකක් තියෙනවා.ඒක දෙන්නේ කෑවොත් විතරයි"

"ඊජීබී එක බීල කන්නම්. මට බඩගින්නක් දැනෙන්නේ නෑ. කට තිත්තයි වගේ"

" චෙනෙත් ! "

"...න'ස් අහනවා ඔයාට ගැස්ට්‍රික්ස් තියෙනවද කියලා. අහේනිය නෑ නේ ගිලින්න බැරුව. අනික මේ ඔයාට කල්පනා කරන්න තරම් පවුල් ප්‍රශ්න නෑ නේ.වැඩිපුර කරන්නේ පස්ස උඩ දාගෙන නිදාගන්න එකේ මේ විභාගයක් ළඟයි කියලවත් ස්ට්‍රෙස් එකක් නෑ නේ.නැත්තන් මං නොදන්න රෙද්දක් හිත  හිත ඉන්නවද. ගිලින්න දෙන බත් එක හිඟන්නෙක්ට දානවද ගිහින්"

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now