" අඬන්න එපා මැණික.. බැන්නේ ආදරේට නෙවෙයි..ම්ම්...මෙහාට හැරෙන්න"
"යනවා යන්න . මට පේන්න එන්න එපා."
මිහිදුම් මැණික කිව්වා....මට එපා...මොකුත් එපා. එයා හෙමින් මගෙ ඉනේ පැත්තකට තට්ටු දානවා...මගෙ ළඟ ඉන්නවා ...මං වැලමිටෙන් තල්ලු කරල දැම්මා. මගෙ යටි හිත හරි උඩු හිත හරි එයාගෙ ළඟට යන්න කිව්ව්වට ඒ අනිත් පැත්තට ඒ හිට්තක්ම එපා කියලා කියනවා. අඬලා අඬලා මට නින්ද ගිහින්.
"මට ඉස්කෝලේ යන්න බෑ අම්මේ.ගෙදර ඉදලා පාඩම් කරන්න ඕනෙ මඟහැරුන පාඩම් ටිකක් තියෙනවා."
"ඇති මොලේ පෑදුනා."
වෙනදට මිහිදුම් නැගිටලා මාව නැගිට්ටව්වට අද මං එයා මූණ හෝදගන්න ගිය වෙලාවේ පහළට ඇවිත් අම්මට මම ඉස්කෝලේ යන්නෑ කියලා අම්මා දුන්න තේකත් අරගෙන මං උඩට ආවා.
කීපාරක් මිහිදුම් ව මගෙ ඇස් වලට මුණ ගැහුනත් ඒ එක පාරක්වත් මං බැලුවේ නෑ.එයා බලන් ඉන්නව කියලා මම දැක්කා උනත් එයා මගෙන් ලෑස්ති වෙන්නේ නැද්ද කියලවත් ඇහුවේ නෑ. එයා ගියා...මට නිදහසක් දැනුනා.. ගෙදර සේරම ගියාට වඩා එයා ගියාම මට නිදහසක් දැනුනා. පාඩම් කරනවා කියල ගෙදර නතර වුණාට මං කරේ ෆිල්ම්ස් බැලුව එක. හවස් වෙලා නාලා කාලා මේසෙන් වාඩි වුණේ හිත එපා ගිහින් ෆිල්ම් එක බලන්න කියද්දි. මිහිදුම් හිතයි මං මේ එයාගෙ පදේට නටන්න යන්නේ කියලා. ඒක නිසා ඌ එන වෙලාවට මං නිදාගන්න ඉන්නේ.
කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව මං විනාඩි ගානක් ලතවුනා.කලින් පාඩම් කරපුවාවත් මතක නෑ වගේ .අඩුම නෝට් එක දිහා බලලා වත් මතක් වෙන්නේ නෑ.බයෝ නතර කරලා තිබ්බා කියලා හිතුන තැනකින් මම ශෝක් නෝට් එකක් ගහන්න ගත්තා.ටිකක් වෙලා ඉන්නකොට ආයෙමත් මට කැරකිල්ලක් වගේ ආවා..වටපිටාව බලලා ආයෙම දොරදිහා බලද්දි මිහිදුම් ඉන්නවා වගේ ලාවට දැක්කා ඒත් බොඳ වෙලා ගියා.
" චෙනෙත් !"
"චෙනෙත්..... චෙන්.. චෙ...."
මට මතක නැති වුණා.ඇස් ඇරලා බලද්දි මං ඇඳ උඩ හිටියා. මිහිදුම් මගෙ මූනේ වතුර ගාලා තිබුනා.
YOU ARE READING
EVENING PRIMROSE | COMPLETE
Romanceආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"