"හුඟ කාලෙකින් යමන්ද kcc සුරඟනන් බලන්න"
"කවුද ඒ"
"උඹ ඕ ලෙවල් කාලේ අපි එක්ක නෙවෙයි නේ බන් හිටියේ. යමන් කො ගමනක්.උඹට වෙලා යන්නෙ නෑ නේ"
"නෑ නෑ."
සුධර්මාරාමේ කියන මහනුවර සුවිසල් උපකාරක පන්ති කදවුරට වෙලා මිහිදුම් අකිත් එක්ක ක්ලාස් කාඩ් අරගෙන එනකල් මමයි මනුතයයි ශෙහානයයි එතන බැම්මට හේත්තු වෙලා හිටියා. අරුන් දෙන්න එන්න වෙලා යන නිසා මමයි මනුතයයි සර් කෙනෙක්ගෙ පොඩි බ්ලැක් ඇන්ඩ් වයිට් පෝස්ටර් එකකට මේකප් එකක් දදා හිටියේ. වෙලා යන එක හොඳයි මේ වෙලාවේ පහලට යනව කියන්නේ අරගලේ වගේ. පොඩි පාරෙන් එකයි ළමයි. මේ එන පාරෙම තව ලන්ඩන් බ්‍රිජ් කියලා ඉන්ස්ටියුට් එකක් තියෙනව.ඒකෙයි අපෙ එකෙයි දෙකේම එක පාර ක්ලාස් ඇරියම ගෝටා ගෝ ගම වගේ සෙනඟ.අපිට පිසික්ස් රිවිශන් එක දවසට විතරක් එහෙම එකක් සෙට් වෙනවා.
"අඩෝ අර උඩ ක්ලාස් එකේ ඉන්න සර් ඇයි බන් මෙහෙ බලන් ඉන්නේ" ෆෝන් එක කකා හිටිය ශෙහාන් අපෙන් අහනකොට අපිත් පෑන අයින් කරලා ඌ කිව්ව පැත්ත හැරුනා.
"දැකලා හුරුයි නේ බන්"
"මේ අපි දාගෙන පාට ගාන්නේ ඒ සර් වද ඕයි"
"අඩෝ..යමන් බන්.." අපි ඒ පැත්තවත් නොබලා ක්ලාස් එකේ ගේට්ටුවෙන් එළියට ඇවිත් ගාමිණි අංකල්ගේ කඩේ ළඟට වෙලා හිටියේ.
"හැබැයි සර්ට හිනා ද කොහෙදො"
ශෙහාන් ට හිනා. සර් ටත් හිනා ගියා ද කොහෙදෝ .අපි දෙන්න නම් ටිකක් බය වෙලා හිටියේ. කඩේ ගාමිණී අංකල් හරි හොඳයි. පිටිපස්සට පොඩි කොණ්ඩ ගුලියකුත් ගහගෙන ඉන්න එයා අපි ගජ යාලුවෙක්. අපි විශේෂයෙන් සෙට් වෙන්නේ වැස්ස දවස් වලට ,කවුද අනේ කුඩ අරන් යන්නේ අපි වැස්ස පායකල් ගාමිණි අංකල් එක්ක රටට බැන බැන ඉන්නවා.නැත්තන් ගුඩ් මෝනින් අංකල් යන්නම් අංකල් කියාගෙන එතනින් දුවනවා.
"පයින්ම යමුද බන්"
අරුන් කාඩ් එක ඩිසයින් කරලා ප්‍රින්ට් කරලා තමා ඇරගෙන ඇවිත් තියෙන්නේ. නැත්තන් ඔච්චර වෙලා යනවද මං අහන්නේ.අර සර් ආවොත් එහෙම කියලා හිතේ බයකුත් තිබුණා .කොහොමහරි අද ක්ලාස් එක කලින් ඉවර වුණ නිසා අපි රස්තියාදුවක් ගහන්න ටවුන් එකට යන්න ඉන්නේ. මෙහෙම දවල්වලට වට පිටේ උන්ගෙන් මැරුන් විතරයි කන්නැත්තේ.අනික කැප් දාලා නිසා අඳුරන කෙනෙක් වුනත් දෙපාරක් බැලුවොත් ඇරෙන්න අදුරගන්න අමාරුයි.
YOU ARE READING
EVENING PRIMROSE | COMPLETE
Romanceආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"