"චටාස්"
"චටාස්"
"අප්පච්චී"
"කටවහපන්..අනිකව සුද්ද කරන්න නොයා පැත්තකට වෙනවා"
මිහිදුම් නෙවෙයි මමයි ගුටි කෑවේ.අප්පච්චි මටයි බැන්නේ මගුල් විසේ කියලා. පැය එකහමාරක විතර පතාක දේදනයක් දීලා දැන්වත් මේක නතර කරනවද අහනකොට මම නෑ කිව්ව නිසානේ මේ සේරම..ගුටිකාලා වගේ රිදෙනවා.. බෙල්ට් එකක් අරගෙන අහුවෙන අහුවෙන හැමතැනකටම ගහගෙන යනකොට මිහිදුම් පැත්තකට වෙලා හිටියා.එයාට තේරෙනවා දෙන්නම ගුටි කෑවොත් බෙහෙත් ගාන්න එකෙක් නෑ කියලා.මාව අරන් හදාගත්ත නම් හොඳයි කියල හිතෙනකොට මම බොරුවට කලන්තයක් දැම්මා..මේක සීරියස් වෙලාවක් තමා..ඒත් වෙන කරන්න දෙයක් නෑ නේ..
"බොරුව නැතුව නැගිටිනවා.."මම කෙලින් වෙලා බිම වාඩි වුනා..
"මම ඔයාලා දෙන්නට මේක කියන්නේ අවසාන වතාවට..මේ පාරත් අහන්න බැරි නම් ඕනෙ එකක් කරගන්න.. ඔයාලා වෙනුවෙන් මම වෙන්න ඕනෙ හැම යුතුකමක් ම වගකීමක්ම කරල තියෙන්නේ.. මම මගේ යාලුවාට පොරොන්දු වෙච්ච දේත් ඒවිදිහටම කරලා තියෙන්නේ.ඔයාලා දෙන්නම ඉන්නෙ පොඩි වයසක නෙවෙයි නේ..දේවල් තේරුම් ගන්න පුලුවන් වයසක.මම මෙතනින් එහාට මොකුත් කියන්නේ නෑ.චෙනෙත් මේ බෙල්ට් පාරවල් මුලු ජීවිත කාලෙටම ඔයාට වැදිච්ච සැරම පාරවල් නිසා ඒවා හොඳට මතක තියාගන්න.රට්ටු හිනස්සන වැඩ කරන්න එපා...මගෙ ලොකු පුතාට මම දෙන අවවාදයක් මේක"
අප්පච්චි බොහොම ඉවසීමෙන් එහෙම කියල අපෙ කාමරෙන් එළියට ගියා.අම්මා නංගි මල්ලි එක්ක සිසිගෙ ගෙදර ගිහින් නිසා ගෙදර ඉන්නේ අපි තුන් දෙනා විතරයි..මම වාඩිවුනේ අපරාදෙ කියාගෙන නැගිටිනකොට මිහිදුම් අත දුන්නා.ඒකත් වාරු කරගෙන මම නැගිටලා ඇදේ වාඩි වුණා..
"ඒක වේදනයි ඒ.. මගෙ ලොකු පුතාට දෙන අවවාදයක් කිව්වම ඒක මගෙ හිතට වැදුනා.."
"ම්ම්"
"ඇයි"
"ඇයි..මොකුත් නෑ"
"හ්ම්ම්ම්..මම මේ තුවාල වේලෙනකල් නාන්නෙ නෑ මගුල"
"ඒව් පෙරේතයා..
YOU ARE READING
EVENING PRIMROSE | COMPLETE
Romansaආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"