35

741 101 46
                                    

"මං ආදරෙයි....අම්බානකට ආදරෙයි...රක්ෂිතට"

" ඉතින් මට නටන්නද කියන්නේ.."

" ඕනෙ මගුලක් කරගනින්...මගෙ පාඩුවේ ඉන්න දීපන්"

මිහිදුම් දාලා මං ආවා එන්න. හෙට අපෙ ඉස්කෝලේ 'දෑස්' ශෝ එක.කට්ටිය බරටම ඒකෙ වැඩ. දහතුනේ අය ඉතින් ඔව්වට කැප නෑ නේ.රෑ බලන්න යන්න ඉන්නෙ අපි. මේ ශෝ එක මේ පාර පරක්කු වුනේ නැටුම් කරන අයගේ එකක් තිබුන නිසා. නැත්තම් අපිටත් ශෝ එකේ ඉන්න තිබුනා.

මං ආයෙම පන්ති කට් කරා..පොතක් ළඟට ගත්තම මගෙ ඔලුව රිදෙන්න එනවා. මං වොශ් රූම් එකට ඇවිත් මූණ හෝදගෙන මැයි ගහ යට පුටුවට වෙලා මේසෙ ඔලුව තියාගෙන හිටියා.

"චෙනෙත්.."

"... මොකද මේ.."

"අහ්..රක්ෂිත..ඔලුව රිදෙනවා වගේ අවුව සැරයි නේ"

"සික් රූම් එකට ගියා නම් හරි පැරසිටිමෝල් එකක් වත් බිව්වද"

"ඕනේ නෑ..මේක හරියනවා.."

රක්ෂිත් අනිත් පුටුවෙන් වාඩි වුණා. 

"පන්තියේ වැඩ නැද්ද."

"කරනවා.එහෙ හිටියම ඔලුව ගැලවෙන්න වගේ."

"හරි කියලා හිතෙන දේ කරන්න. මට මිහිදුම් හම්බෙන්න ඕනේ බැඩ්මින්ටන් ටූනමන්ට්ස් යනවද අහන්න.ඒක යනවනම් මං යන් නෑ.ගිහින් වැඩක් නෑ. මෙහ් හෙට එනවද ශෝ එකට"

"ඔව් එනවා. රෑ"

"මරු මරු..මං යන්නම්. ඔයා ඉදල එන්න."

ඉන්ටවල් එක වෙනකන් ඉදලා මං කන්න විතරක් පන්තියට ගියා.

"මොකෝ බන් උඹ වෙනස් වෙලා ද මන්දා"

"ටිකක් මහන්සි වගේ"

"හිදුවා එක්ක ඇටෑක් එකක් ද"

"එහෙම නෑ." මනුත් අකිත් එක්ක එකතුවෙලා මගෙන් දිගට හරහට ප්‍රශ්න අහන්න ගත්තා. මිහිදුම් ඇහෙන්නේ නෑ වගේ එයාගෙ වැඩක්.

"නැත්තේ නෑ.අපි මේ අද ඊයෙ උඹලව දන්නවැයි"

"මොකෝ මේ...ඈ. ..උඹවත් කියපන්"

"මගෙ අවුලක් නෑ."

"හරි එහෙනම් උඹලා විසදගනින් කො ඔව්වා.පවුල් ප්‍රශ්න නේ බන්... මොකද වුණේ කියලා කිව්වොත් උදව් කරන්න පුලුවන් හැබැයි" 

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now