අපි ඉල්ලලා තිබුන දත්ත සේරම ලැබුනම මට යක්ශාවේශ වුණා. ඔය කියන උස් පුටුවල ඉදල මිනිස්සු වෙනුවෙන් බෙරිහන්දෙන උන්ගෙ ගෙවලා ගන්න ඕනෙ හැමදේම පිනට කකා ඉන්නැද්දි මෙහෙ මිනිස්සුන්ගෙන් ණය ගෙවන්න සල්ලි මදියි රජයේ සේවකයොන්ට පඩි ගෙවන්න සල්ලි මදියි කිය කිය නැහෙන්න හදනවා.
"කොහෙද යන්නේ.. චෙනෙත් ..ඔහොම ඉන්න"
මම වාඩිවෙලා හිටිය පුටුවෙන් වේගෙන් නැගිටල එතන හිටිය අනිත් අය දිහා වත් නොබලා කෑම්ප් එකෙන් එළියට ආවා.
"අභ්..මිහිදුම් !!..වාහනේ ගන්න ගමනක් යන්න"
මිහිදුම් මොකුත් අහන්නෙ නැතුව මාවත් දාගෙන වාහනේ අරගෙන ඇවිත් ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයක් ළඟ නතර කරා.මමයි කිව්වේ නතර කරන්න කියලා.
ඇතුළට යනකොට එකෙක් දෙන්නෙක් ඇරෙන්න වෙන කවුරුත් වැඩක් කරනවා කියල කියන්න බෑ.මිනිස්සුත් ටික දෙනෙක් හිටියා. ළඟම තිබ්බ මේසෙට මම අත් දෙකෙන් ම හයියෙන් පාරක් ගැහුවා.අන්න එතකොට තමා ඒකෙ අය ගැස්සිලා අපෙ පැත්ත බලලා පුටු වලින් නැඟිට්ටේ.
"මෙතන විවේකාගාරයක්ද...
...ආ.. ඔයාලා වගේ අයට පඩි ගෙවන්නද මේ අහිංසක මිනිස්සු බදු ගෙවන්නේ.. කෝ ලේකම් මෙතන ?"
"තේ එකක් බොන්න ගියා සර්"
"අනේ තියාගන්නවා ඔය සර් කෑලි.. මම බොහොම ඉවසීමෙන් මෙතන කතා කරන්නේ ඔය හැමෝම මට වඩා වැඩිමහල් නිසා..හැබැයි යකා කරගෙන පස්සෙ හුටු හුටු ගාන්න එපා. මෙතන ඇවිල්ල පම්පෝරි ගහන්නයි බුදියගන්නයි ඔයාටල පඩි ගෙවන්න රජයට කොහෙවත් අමාරුවක් නෑ නේ. පාරට බැහැලා කියවනකොටනම් කටපත්ත ඇරලා අරව ඕනෙ මේව ඕනෙ කියල කියනවා තමන්ගෙන් වෙන්න ඕනෙ යුතුකම ඉශ්ට කරන්න බැරිද.. ඒක කරන්න බෑ නම් අනේ කරුණාකරලා රස්සාව දාලා යන්න අපි ඒකටත් වැඩපිලීවෙලක් දාගන්නම් මෙතන මිනිස්සු ඇවිත් රස්තියාදු වෙනවයි කියලා මම දැක්ක දෙයක් නිසයි මෙහෙම ආවේ..මේක අවසාන දැනුම්දීම තමයි හැබැයි තව එකම එක කම්ප්ලේන් එකක් හරි මේ තැන ගැන ආවොත් කෙලින්ම මෙතන වහලා දානවා ඕනෙ නෑ ප්‍රාදේශීය සභා."
YOU ARE READING
EVENING PRIMROSE | COMPLETE
Romanceආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"