01

125 10 5
                                    

"නංගි මට ඩිවෝස් වෙන්න ඕන.. ප්ලීස් මට මේකට උදව් කරන්න.."

අදිරුගෙන් කෝල් එක එද්දි පිනිදි ඉදියෙ එයාගෙ ඔෆිස් රූම් එකේ ග්ලාස් වෝල් එකෙන් එළිය බලාගෙන.. ෆෝන් එක ආන්සර් කරලා කනේ තියා ගද්දිම අදිරු කියපු දේ ඇහුණ පිනිදිගෙ කකුල් දෙකත් එක්කම පණ නැති වෙලා යන බව පිනිදිට දැනුනා..

"අ අයියා.."

පිනිදි වේලුණ දෙතොල් අතරින් යන්තම් වචනයක් එළියට දා ගත්තා.. අදිරු මාස ගානකට පස්සෙ තමන්ට කතා කරේ ඩිවෝස් එක ගැන කියන්නද? පිනිදිට හිතුනා..

"මට තවත් මේක කරන්න බෑ පිනිදි.. මට මැරෙන්න හිතිලා තියෙන්නෙ.."

අදිරු කියද්දි පිනිදි ඇස් දෙක තප්පර කීපයකට පියාගෙන සන්සුන් උනා..

"ඔයා දැන් කොහෙද ඉන්නෙ? මට කියන්න.. මං ගන්න එන්නම්.."

"ඔයා එන්නෙ මගේ තීරණේ වෙනස් කරන්න බලාගෙන නම් ඒක වෙන්නෙ නෑ කීයටවත්.."

අදිරු මුරණ්ඩු විදියට කියද්දි පිනිදිගෙ රතු කට්ට පැන්නා..

"මේ දීරු අයියේ.. ඔයාගෙ පණ්ඩිතකම් මට වැඩක් නෑ.. ඉන්න තැනක මැසේජ් එකක් දානවා.. මං තියනවා.."

පිනිදි තරහෙන්ම කෝල් එක කට් කරලා එයාගෙ ප්‍රධානියා මිස්ටර් අල්විස් ළඟට ගියේ හාෆ් ඩේ එකක් දා ගන්න..

"පිනිදි නිවාඩු ගන්නෙනෙම නෑනෙ.. ගිහින් එන්නකෝ.. අර මං චෙක් කරන්න දීපු ෆයිල් ටික සුදාරට දෙන්න.."

අල්විස් කියපු විදියට වැඩ ටික ඉවර කරපු පිනිදි කාර්පාක් එකට ගියේ අදිරු එවපු මැසේජ් එක බලන ගමන්..

"අදත් ඔයා දියසරු එකේ.. ඔයා එච්චරම අවුලෙන්ද දීරු අයියේ?"

තමන්ටම මුමුණ ගත්ත පිනිදි කාර් එක ස්ටාර්ට් කරගත්තා..

.
.
.
.

පිනිදිට දියසරු එකට එන්නත් පැයකට වඩා ගත උනා.. කාර් එක පාක් කරලා දියසරු එක ඇතුලට ගිය පිනිදිට අදිරුව හොයාගන්න නම් ඒ තරම් වෙලාවක් ගියේ නෑ.. අදිරු ඉදියෙ එයාගෙ සාමාන්‍ය දිනචර්‍යාව වෙනස් උනහම ඇවිත් සන්සුන් වෙනකන් වාඩි වෙලා ඉන්න උද්‍යාන බංකුවෙ වාඩි වෙලා වතුරෙ පීනන දියකාවෙක් දිහා බලාගෙන..

මන්දාරම් දීරWhere stories live. Discover now