එතනට ආව අම්මා ඉනට අත් දෙකත් තියාගෙන මල්ලිගෙ දිහා බලාගෙන ඉන්න දිහා පිනිදි බැලුවෙ තොල් දෙක කට ඇතුලට දාගෙන දත් වලින් හපාගෙන හිනාව හිර කරගෙන.
"අනේ අනේ යසයි පිරිමි ළමයා අක්කට කතා කරන විදිය.."
දත් ටික විරිත්තපු නිසල් පිනිදි දිහා බැලුවෙ 'මාව කාපන්' වගේ බැල්මක් මූණෙ රදවගෙන..
කෑම මේසය පිඟන් කෝප්ප ගැටෙන සද්දෙන් වගේම පුංචි පුංචි කතාවල්, හිනාවල්, රණ්ඩු වලින් පිරිලා යද්දි පිනිදි දිලිසෙන ඇස් වලින් හැමෝගෙම දිහා බලාගෙන ඉදියා. පවුලෙ ඔක්කොම එකතු වෙලා කෑම මේසෙක කෑම කන එක කොයිතරම් සුන්දර දෙයක්ද කියන එක පිනිදි ඒ මොහොතෙදි වටහා ගනිමින් හිටියා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
."අක්කේ.."
සඳලිගෙ හඬට සාරියෙ කටු ගලවමින් උන් පිනිදි හැරිලා බැලුවා.
"මොකෝ හිතෙන්නෙ මනමාල මහත්තයා ගැන?"
ලංකාවේ ප්රසිද්ධ හොටෙල් චේන් එකක ජෙනරල් මැනේජර් කෙනෙක් උන කොල්ලගෙ කියන්න තරම් වරදක් තිබුනෙ නම් නෑ.. පවුලේ සහ රැකියාවේ විස්තර පවා පිනිදි එක්ක විවෘතව කතා කරපු නිසාම පිනිදිට කොල්ලා ගැන පොඩි පැහැදීමකුත් තිබුනා. ඒත් ඒක විවාහයක් දක්වා යන්න තරම් පැහැදීමක් නොවෙන බව පිනිදිට හැඟුනා.
"විශේෂයක් නෑ ඉතිං.."
සඳලි ඇවිත් ඇද උඩින් වාඩි වෙන අතරෙදි තප්පර කීපයක් කල්පනා කරපු පිනිදි උත්තර දුන්නා. නංගි නම් පිනිදි දිහා බැලුවෙ කටත් බාගෙට ඇරගෙන. එක්කො හොඳයි කියන්න ඕන එක්කො නරකයි කියන්න ඕන. දෙකටම නැති උත්තරයක් දීලා ගානක් නැතුව සාරිය ගලවලා පුටුව උඩට දාලා කොණ්ඩෙ ලිහන අක්කා එක්ක නම් සඳලිට පොඩි තරහකුත් ආවා.
"මේ අක්කෙ මනමාලයා බැලුවෙ මට නෙවෙයිනේ තමුසෙටනේ.. හොඳයි නම් හොඳයි කියනවා හරි නැත්නම් ඒකත් කියනවා. එතකොට වෙන එකක්වත් බලන්න පුලුවන්."
"මං වොශ් එකක් දාගෙන එන්නම් චූටි.."
වෙහෙසකර හඬකින් නංගිට කියපු පිනිදි ටවල් එකයි ඇදුමකුයි අරගෙන රූම් එකෙන් එළියට ගියා. තව දුරටත් ඒ කතාව ඇදගෙන යන්න අක්කා අකමැති බව තේරුන සඳලි හෙමිහිට පහත මාලයට ඇදුනා.
YOU ARE READING
මන්දාරම් දීර
Non-Fictionවසර ගනනක මිතුදමක්.. ඉදිරියටත් පවතීද?? බිදී යාවිද?? . . . . . Don't copy my work.. 🚫 . . . . 2023 Nov 11