ඒත් එක්කම පිනිදිගෙ කැබින් එකට ආවෙ මිස්ටර් අල්විස්..
"ගුඩ් මෝනින් පිනිදි.."
"ගුඩ් මෝනින් මිස්ටර් අල්විස්.."
පිනිදි කටපුරා හිනා වෙලා මිස්ටර් අල්විස්ට සුබ පැතුවා..
"ඔන්න දරුවො අදිරුගෙ වැඩේ ඔක්කොම ලෑස්තියි.."
"අනේ ලොකු දෙයක් මිස්ටර් අල්විස්.. ඉක්මනට ඩිවෝස් එක ගන්න පුලුවන් වෙයි කියලා දීර් අයියා බලාගෙන ඉන්නෙ.."
පිනිදි කියද්දි මිස්ටර් අල්විස් හිනාවෙලා ස්පෙක්ස් දෙක අයිනකින් හදා ගන්න ගමන් "බලමුකෝ" කියලා පිනිදිගෙන් සමු අරගෙන පිටවෙලා ගියා.
.
.
.
.
.
.
.
.හවස තුන වගේ වෙද්දි පිනිදි ආයෙමත් වීරසූරියට කෝල් කරලා එයාව ගෙන්නගත්තෙ ක්ලයන්ට් කෙනෙක් හම්බ වෙන්න යන්න තියෙන නිසා.
වාහනේට නැගපු පිනිදි ගමන පුරාම කරේ එයාගෙ අතේ තිබ්බ ඩොකියුමන්ට් එක ස්‍ටඩී කරන එක..
හැව්ලොක් සිටි එක පහු කරගෙන තිඹිරිගස්යාය පාරෙ ටික දුරක් ගිහින් අදාළ කම්පැණි එකේ ගේට් එක ඉස්සරහා වීරසූරිය කාර් එක නැවැත්තුවා.
"අංකල් යන්න මං එද්දි ටිකක් පරක්කු වෙයි. මං පික්මී එකක් දාගෙන යන්නම්."
පිනිදි කියද්දී වීරසූරිය කරේ ටිකක් කල්පනා කරන ගමන් නළල අතින් අත ගාගත්ත එක. පිනිදිට තේරුණා අදිරු වීරසූරියට ඕඩර් එකක් දීලා තමයි එවල තියෙන්නේ කියලා.
"ඇයි වීරෙ අංකල්ට පුංචි මහත්තයා මොනවද කිව්වේ?"
පිනිදි අහද්දී වීරසූරියට මූණට නිකන්ම හිනාවක් ආවා.
"පුංචි මහත්තයා මට කිව්වේ නම්, පුංචි නෝනා එනකම් ඉඳලා එක්ක ගෙනම එන්න කියලා.. දැන් ගියොත් නම් මට බැනුනුත් අහන්න වෙයි."
"අනේ ඔය මෝඩ චීන මකරට බය කවුද? එයා දන්නේ බොරුවට යැයි යැයි යැයි ගාලා වටේ ඉන්න මිනිස්සුන්ට බනින්න තමයි. ඔයා යන්න අංකල්. මං එයාට කෝල් එකක් දෙන්නම්. ඔයාට බැන්නොත් මමයි යන්න කිව්වෙ කියන්න.."
පිනිදි කටත් ඇද කර කර බනින විදිය දැක්කම නම් වීරසූරියටත් හිනා ගියා. පිනිදිට ඔලුව වනලා යන බව සන් කරපු වීරසූරිය කාර් එක හරව ගනිද්දී පිනිදි බිල්ඩින් එක ඇතුලට යන්න හැරුණා. කොහොම වුණත් වීරසුරිය එතනින් ආවේ පිනිදි ඇතුලට ගියා කියලා දැක්කට පස්සේ.
YOU ARE READING
මන්දාරම් දීර
Non-Fictionවසර ගනනක මිතුදමක්.. ඉදිරියටත් පවතීද?? බිදී යාවිද?? . . . . . Don't copy my work.. 🚫 . . . . 2023 Nov 11