04

52 7 10
                                    

පිනිදි කියපු කතාවට අදිරු මොකුත් නොකියා නිහඬ උනා.. වංගුවත් එක්කම පහු වෙලා යන ඕපන් යුනිවර්සිටි එකේ යකඩ වැට දිගේ එල්ලපු බෝඩ් දිහා බලාගෙන ඉදපු පිනිදි ආයෙමත් වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පාර දිගේ ඉස්සරහට ඇදෙන වාහන දිහා බලාගෙන ඉදියා.

"මේ ආස නැද්ද කලර් එකක් එහෙම දාන්න"

එකපාරටම අදිරු අහද්දි කෙල්ල අදිරු දිහා බැලුවෙ කියපු දේ නෝතේරුන බව හැගෙන බැල්මකින්..

"කාටද?"

"ආ?"

පිනිදිගෙ ප්‍රශ්නෙ නෙතේරුන නිසා අදිරු පිනිදි දිහා බැලුවා.. ඒත් පිනිදි මොකුත් කිව්වෙ නම් නෑ.. පිනිදිගෙ මූණේ ඇදිලා තියෙන බැල්මත් එක්කම අදිරුට තේරුණා පිනිදිට තමන් කියපු දේ නොතේරුණ බව.

"ආ මං මේ කිව්වෙ කොණ්ඩෙට කලර් එකක් දාන එක ගැන.."

පිනිදි හෙමිහිට තොල් දෙක තද කරගත්තා.

"අනේ මංදා ඔයා නම්.."

"ඇයි? මං ඇත්ත කියන්නෙ.. නිකන් වයලට් බ්‍රවුන් එකක් වගේ එකක් ලස්සනට තියෙයි."

අදිරු ඉස්සරහා බලාගෙනම කියද්දි පිනිදි ඇස් දෙක රෝල් කරා..

"ම්ම්ම්ම් හිතලා බලන්න ඕන.."

"ඔයා කැමති නම් කියන්න. මං දන්න අක්කා කෙනෙක් ඉන්නවා. වැඩ හොඳයි. මං එක්කගෙන යන්නම්."

අදිරු කියද්දි පිනිදි කට ඇද කරගෙන බ්ලව්ස් එකේ බොත්තමක් කොනිත්තන ගමන් හිතට ආව වචන අකුරු කරා.

"වෙන කොල්ලො කොණ්ඩ කැපුවම කලර් කරාම බනිනවා.. ඒකට මෙයා එක්කගෙන යන්නම් කියලත් කියනවා.."

"මොනවද කුටු කුටු ගාන්නෙ?"

වාහන වල සද්දෙත් එක්ක පිනිදි කියපු දේ හොදටම ඇහුනෙ නැති නිසා අදිරු අහද්දි පිනිදි මොකුත් නොකියා ශටර් එකෙන් අහක බලාගත්තා..

"මට කියපු දේ ඇහුනා.."

පිනිදි ගැස්සිලා වගේ අදිරු දිහා බලලා විරිත්තලා හිනා උනා.

"ඇහුනා නම් මොකටද ආයේ අහන්නෙ?"

පිනිදි කටත් ඇද කරගෙන කියවද්දි අදිරු හිනා උනා..

මන්දාරම් දීරWhere stories live. Discover now