පැය භාගයක විතර ගමනකින් පස්සෙ අධිරු කාර් එක නතර කරේ වෝඩ් ප්ලේස් වල ප්රසිද්ධ ක්ලබ් එකක් උන ලූනා ඩි ක්ලබ් එකේ කාර් පාක් එකේ. අධිරු කාර් එකෙන් බහිද්දි අධිරු ඉස්සරහට ආවේ අහස්..
කොණ්ඩෙත් යන්තම් වගේ අවුල් කරගෙන කිසි පිළිවෙලක් නැතුව වගේ ඉන්න අධිරුව දැක්කම අහස්ගෙ ඇස් නළලට ගියා..
"මොකද යකෝ මේ?"
අහස් අධිරුගෙ උඩ ඉදන් පහළටම බලලා අහද්දි අධිරු කට පැත්තකට ඇද කරා..
"චහ්.. මොකුත් නෑහ්හ්හ් ඕයි.."
"අන්න අන්න අන්න උඹ මේ වැලි කෙලියෙ ඉදන් එකට ඉන්න එකාට කොළේ වහනවනේ."
අධිරුගෙ උරහිසක් උඩින් අතක් තියපු අහස් කතා කරන්න පටන් ගත්තත් අධිරු ඒ අත ගසලා දාලා අඩියක් පස්සට ගත්තා.
"ච්හ්.. අයින් වෙයන්කෝ."
"මොකද උඹ මේ ආව වෙලාවෙ ඉදන් හූනෙක් වගේ චුක් චුක් ගාන්නෙ?"
අහස් ඇහුවෙ අධිරුට මොකක්ද එක පාරට උනේ කියලා තේරුම් ගන්න උත්සහ ගන්න ගමන්. මේ විකාර රූපී හැසිරීමට හේතුව නෙතාරා නෙවෙයි කියන්න නම් අහස් ටක්කෙටම දැනගෙන හිටියා. මොකද කියනවා නම් අධිරු නෙතාරගෙ නාහෙට නාහන වැඩ නොදැක්කා වගේ ඉන්න පටන් අරගෙන ලොකු කාලයක් ගතවෙලා ගිහින් ඉවරයි. කාර් එකේ බොනට් එකට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන බිම බලාගෙන ඉන්න අධිරුත්, අධිරුගෙ ඉස්සරහින් හිටගෙන ඉන්න අහසුත්, එකපාරම ඇහුණ කටහඬකින් ගැස්සිලා ගියා..
"වාහ්හ්හ් මගේ හස්බන්ඩ්ව දැක්කෙ කාලෙකින්නේ.. ඒකත් මේ වගේ තැනක.."
ඒ නෙතාරා..
'මොන කරදරයක්ද මේ?'
අධිරු හිතින් නෙතාරගෙ හත්මුතු පරම්පරාවම මතක් කරන ගමන් තොල් දෙක ඇද කරගෙන අහක බලාගත්තෙ නෙතාරා එක්ක කතා කරන්න දෙයක් තමන්ට නැති බව අඟවමින්..
"ඔහ්හ් බේබී..ඔයාට මාත් එක්ක කතා කරන්න ඕන නැද්ද?"
නෙතාරා අධිරුගෙ මූණට එබිලම වගේ කතා කරද්දි අප්රසන්න හැඟීමකින් මූණ ඇද කරගෙන නෙතාරගෙ උඩ ඉදන් යටට බලපු අධිරු අහස්ට අත වනාගෙනම කාර් එකේ දොර ඇරන් කාර් එකට නැග්ගා. ක්ලබ් එකෙන් එළියට ආව කොල්ලා ටවුන් හෝල් වටරවුමෙන් අනගාරික ධර්මපාල මාවතට කාර් එක හරවලා කොල්ලුපිටියෙන් ගෝල්ෆෝස් පැත්තට ගියේ නිදහසේ ඉන්න තැනක් හොයාගෙන. ගාලු පාර අයිනෙන් වාහනේ දාල මුහුද පේන මානයටම අවිදගෙන ගියපු අධිරු පොඩි බැම්ම උඩින් වාඩි වෙලා ඔහේ මුහුද දිහා බලාගෙන ඉදියා.
YOU ARE READING
මන්දාරම් දීර
Non-Fictionවසර ගනනක මිතුදමක්.. ඉදිරියටත් පවතීද?? බිදී යාවිද?? . . . . . Don't copy my work.. 🚫 . . . . 2023 Nov 11