03

53 8 0
                                    

පිනිදි එකපාරටම ඔලුව උස්සලා අදිරු දිහා බැලුවත් පිනිදිගෙ ඇස් එක පාරටම යොමු උනේ ටිකක් එහායින් තිබුන ටේබල් එකක වාඩි උන අදිරුගෙ වයිෆ් නෙතාරගෙ මූණෙ.. නෙතාරා ඉදියෙ ඊට හරියටම මාස ගානකට කලින් තිබුන අදිරුගෙයි නෙතාරගෙයි ඇනිවසරි පාටි එකේදි "මේ මගේ හොදම යාලුවා පිනිදිහ්හ්හ්" කියලා අදුන්වලා දීපු කොල්ලගෙ අතේ එල්ලිලා.. 

අදිරු ඉදියෙ අහක බලාගෙන නිසා පිනිදි ෆෝන් එකේ කැමර් එක ඔන් කරලා ටේබල් එක උඩ තිබුන මල් වාස් එකට හේත්තු කරා.. බලන් ඉන්න කෙනෙක්ට පේන්නෙ එයා අදිරුව වීඩියෝ කරනවා කියලයි..

"ඒයි.. මොන ලෝකෙද ඉන්නෙ?"

"ආහ්හ්හ්.."

පිනිදි ගැස්සිලා අදිරු දිහා බැලුවා.

"මොන ලෝකෙද අප්පා ඉන්නෙ? මං කීපාරක් කතා කරාද ඔයාට? මොනවද ඔච්චර කල්පනා කරන්නෙ?"

පිනිදි දිහා වුවමනාවෙන් බලපු අදිරු පිනිදිගෙන් ඇහුවෙ නළලත් රැලි කරගෙන.

"මොකුත් නෑ අදිරු අයියේ. කමුකෝ...."

පිනිදි මවාගත්ත හිනාවකින් කියද්දි අදිරු ටිකක් වෙලා නළල රැලි කරගෙන පිනිදි දිහා බලාගෙන ඉදියා.

"මන්දි, ඔයා මොනවද මට හංගන්නෙ?"

අදිරු පිනිදිගෙ ඇස් දෙක දිහාම බලාගෙන අහද්දි පිනිදි ගැස්සිලා ගිහින් අදිරුගෙ ඇස් මගෑරලා ප්ලේට් එක දිහා බලා ගත්තා.

"මොනවත් හංගන්නෙ නෑ අනේ.. කමුකෝ.."

"ඔයා මට අදිරු අයියේ කියලා කිව්වා. ඒ කියන්නෙ මොකක් හරි වැරැද්දක් තියෙනවා කියන එකයි. ඉතිං මට කියන්න."

අදිරු කියද්දි පිනිදි ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් ගත්තා..

"ප්ලීස් දීර් අයියේ. මං කියන දේ අහලා අපි දැන් කමු. ම්ම්ම්ම් මං ඔයාට පස්සෙ කියන්නම්. ප්‍රොමිස්."

පිනිදි අහිංසක මූණක් මවාගත්තා. අදිරු තොල් දෙකත් කට ඇතුලට අරගෙන තප්පර කීපයක් පිනිදි දිහා බලාගෙන ඉදලා ඔලුව වැනුවෙ එකඟ උන බව හඟවමින්. පිනිදිගෙ මූණෙ සැනසිලිදායක මදහසක් ඇදුනා. නෙතාරා ගැන කියලා අදිරුගෙ මූඩ් එක කන්න පිනිදිට ඕන උනේ නෑ. පිනිදිට වැදගත් උන එකම දේ අදිරුගෙ හිනාව.

මන්දාරම් දීරWhere stories live. Discover now