05

46 6 12
                                    

මැසේජ් එක එවල තිබුනේ පිනිදි.. හොඳයි.. මැසේජ් එකක් කිව්වට ෆොටෝ එකක් විතරයි.. එයාට හවස දීපු චොකලට් එකේ කොලේ විතරක් ෆොටෝ එකක් ගහලා අදිරුට එවල තිබුණා.


අදිරුගෙ මූණට  පුංචි හිනාවක් ආවේ පිනිදිගෙ වැඩ දැකලා. ඒ හිනාවම මූණෙ තියාගෙන අදිරු පිනිදිට රිප්ලයි කරා.


“ඕක කෑවා වගේ නෙවෙයි රෑට මොනවා හරි කන්න ඕනේ.."

අදිරුගේ මැසේජ් එක දැකපු පිනිදි කට ඇද කර ගත්තා. ඇදේ හරි බරි ගැහිලා වාඩි උන පිනිදි එයාගෙ ආසම දුඹුරු පාට ටෙඩියව උකුල උඩින් තියාගත්තා  ගත්තා.

"අනේ මේ, කන නොකන එක ගැන මං බලාගන්නම්කෝ.. ඔයා මගේ තාත්තා නොවී ඉන්නකෝ"

මැසේජ් එක සෙන්ඩ් කරපු පිනිදි කටත් උල්කරගෙන බලාගෙන ඉදියේ අදිරුගෙන් රිප්ලයි එකක් ලැබෙනකන්.

"මේකි යකෝ.."

පිනිදිගෙ මැසේජ් එක දැකපු අදිරුට නිකම්ම කියවුනා. ඇස් දෙකේ දාගෙන ඉඳපු කම්පියුටර් ස්පෙක්ස් දෙක ගලවල පැත්තකින් තියපු කොල්ලා පිනිඳිට කෝල් එකක් ගත්තා.

"ඇයි අප්පා මැසේජ් කරන්නේ නැතුව කෝල් ගන්නෙ"

කෝල් එක ආන්සර් කරපු ගමන්ම පිනිදි කියවගෙන ගියා. පිනිදිගෙ නෝක්කාඩුව මුසුවුණු හඬ නිසා අදිරුගේ මුහුණට හිනාවක් ආවා.

"මෙච්චර ලේසියෙන් කතා කරන්න පුළුවන් කමක් තියෙද්දී මොකටද මැසේජ් කොට කොට ඉන්නේ?"

අදිරු කිව්වේ පිනිදිගේ ඇද වෙච්ච මූණ හිතෙන් මවාගෙන. පිනිදිට කෝල් කරන මිනිස්සුන්ට එන ලොකුම ප්‍රශ්නයක් තමයි උසාවියේ නඩු කතා කරන්නෙත් මේ ලෝයර් නෝනමද කියන එක. පිනිදි කෝල් වලට කතා කරන වැඩේට කොච්චර නම් අකමැතිද කියන එක අදිරු හොඳාකාරවම දැනගෙන ඉදියා. ඒ නිසාම පිනිදිට කෝල් කරල වද දෙන එක අදිරුට විනෝදයක් වුණා.

"අනේ දීර් අයියේ වද නොදී ෆෝන් එක තියනවා කෝ. විශාල කරදරයක් වුණානේ මේක.."

"කෝ අර ලෝයර් නෝනගේ උසාවියේ තියෙන කට?"

පිනිදි කියපු කතාව ගානකටවත් නොගත්ත අදිරු අහද්දි පිනිදි කටත් ඇද කරගෙන ටෙඩියගෙ නහයට පාරක් දුන්නා.

මන්දාරම් දීරWhere stories live. Discover now