පිනිදි එයාගෙ ඇනෙක්ස් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඇදට වැටුනෙ අදිරු දීපු බෑග් එකත් අයිනකින් තියාගෙන.. පොකට් එකක් තිබ්බ කළු පාට බෑග් එකේ එක පොකට් එකක් පුරවලා තිබ්බෙ එක එක ජාතියෙ චොක්ලට්.. පිනිදි තොල් දෙක උල් කරගෙන හිනා උනා.. චොක්ලට් කෑල්ලක් කටට දා ගත්ත පිනිදි බෑග් එකේ අනිත් පොකට් එක ඇරියා..
හැමදාමත් වගේ ඒ පොකට් එකේ තිබ්බෙ පිනිදි ආසම පිච්ච මල් සුවද තියෙන එක එක ගෑනු ළමයි ආස බඩු ජාති.. බොඩි ලෝශන්, පර්ෆියුම්, ෂැම්පූ, සබන් දැක්කම පිනිදිගෙ කට ඇද උනා..
"දීර් අයියට නම් පිස්සු.. හැමදාම මේවා උස්සන් එනවා.. දැන් මට කඩයක් දා ගන්න පුලුවන්.."
ඩ්‍රෙසින් ටේබල් එකේ කබඩ් එක දිහා බලලා ඔරවගෙන පිනිදි තමන්ටම මුමුණ ගත්තා. ඒත් එක්කම පිනිදිගෙ ෆෝන් එකට අදිරු අපාර්ට්මන්ට් එකට ගියා කියන පණිවිඩය කියවෙන මැසේජ් එක ආවා.. ඒ මැසේජ් එකට රිප්ලයි කරන්න මහන්සි නොවුන පිනිදි බැල්කනි එකේ දොර ඇරගෙන එළියට ගියා.. එතනට ගියහම ඈතින් පේන්නෙ දියත උයන.. රෑට ලයිට් වලින් එළිය උන ඒ පරිසරය දිහා බලන් ඉන්න එකත් පිනිදිගෙ හිතට සැනසීමක් උනා..
.
.
.
.
.
.අදිරුගෙ ඉල්ලීම අනුව පිනිදි අදිරුගෙ ඩිවෝස් කේස් එක ගැන මිස්ටර් අල්විස් එක්ක කතා කරා.. එයා අදිරුගෙ කේස් එක බාර ගන්න කැමති උන නිසා අදිරු මිස්ටර් අල්විස් හම්බ වෙන්න ආවා.
මිස්ටර් අල්විස්ගෙ ඔෆිස් රූම් එකට ගිය අදිරු තවම ආවෙ නැති නිසා පිනිදිගෙ ඇස් නිතරම වගේ ඒ පැත්තට ඇදුනා. පැය දෙකකට විතර පස්සෙ අදිරු එළියට ආවා. බොරුවට ෆයිල් එකක් අස්සට ඔලුව ඔබාගෙන ඉදපු පිනිදිට දැනුනා අදිරු එයාගෙ ඉස්සරහ පුටුවෙන් වාඩි උනා කියලා.. පිනිදි කම්මුල් හපාගෙන හිනාව තද කරගෙනයි ඉදියේ..
"ඒයි.. දැන් මාව පේන්නෙත් නැද්ද?"
අදිරු අහද්දි පිනිදිගෙ හිනාව එළියට පැන්නා..
"දැන් ඔයා මිස්ටර් අල්විස් හම්බ උනා නේ.. ආයෙ ඇයි මෙතනට වෙලා ඉන්නෙ??"
පිනිදි නෝක්කාඩු හඬකින් කියද්දි අදිරුගෙ මූණ ඇද උනා..
"ඔහ් ඕකේ මං ගියා.."
YOU ARE READING
මන්දාරම් දීර
Non-Fictionවසර ගනනක මිතුදමක්.. ඉදිරියටත් පවතීද?? බිදී යාවිද?? . . . . . Don't copy my work.. 🚫 . . . . 2023 Nov 11