5.

49 10 9
                                    

ජිමින් කුකී එක්ක රූපවාහිනී තිරය
දිහා ඔහේ බලාගෙන හිටියා.
කුකී නම් හිනාවෙවී එයාගෙම ලෝකෙක
ජිමින්ට වගේම කුකීටත් ටේහයුන්ව ගොඩාරියක් මතක් වෙනවා ඇති.

හදිස්සි වැඩකට කියලා ටේහයුන්
සතියකට ඒ දෙන්නව තනිකරලා සෝල්
ගිහින්..

ජිමින් දවස් හතරක් පුරාවට ටේහයුන්ට
කෝල් මැසේජ් කලත් ඒ එකකටවත් ටේහයුන්ට පිළිතුරු දෙන්න බැරි තරමට එයා ගොඩක් කාර්යබහුල උනා.

මේ දවස් ටිකේම ටේහයුන්ගෙයි කුකීගෙයි පුංචි පුංචි රණ්ඩු නැතුව එයාට පාළු හිතුනා.

ජිමින් හිමින් සීරුවේ කුකීගේ හිසකෙස් අතරින්ඇඟිලි තුඩු යවලාඔළුව පිරිමදින්න උනා.ඒ ස්පර්ශය දැනුනාම කුකිත් හුරතලයක් වගේ ඇවිත් ජිමින්ගේ චබී චීක් එකකට කිස් එකක් දීලාආයිමත් රූපවාහිනී තිරයට ඇස් අරන් ගියේ ජිමින්ට තුරුලු වෙන ගමන්...

ජිමින්ගේ මූණට ඉබේම හිනාවක් ආවේ ටේහයුනුත් මේ වගේ අමුතු විකාර වැඩ කරනවා කියලා මතක් උන නිසා.

එයාගේ ඇස් ඉබේම පිය වේගන වගේ
එද්දි ජිමින්ට ඇහුනා පිටතින් කාර්
රථයක් ඇවිදින් නවත්තන හඬ

"ටේහයුන්..... එයා ඇවිත්..."

මෙච්චර වෙලා මැලවිලා තිබුණු දෑස්
ටේහයුන්ගේ ආගමනයත් එක්කම
දීප්තිමත් උනා.

ජිමින් ටක් ගාලා දුවගෙන එළියට ගියේ
හරියට පියා වැඩ ඇරිලා එනගමන් අරන් එන පුංචි පුංචි කඩචෝරු පුරෝපු මල්ල ගන්න දුවන පොඩි එකෙක් වගේ...

කාර් එක ඇවිත් ජිමින්ගේ කකුල් දෙක ගාවින්ම නැවතෙද්දි ජිමින් ශටර් එකට අත් දෙක තියාගෙන ටේහයුන් එළියට එනකන් බලාගෙන හිටියා.

"ඇයි අනේ.... මං කොච්චර කෝල් ගත්ත ද ඔයා ඒ එකකටවත් උත්තර දුන්- " දීප්තිමත්ව බැබලුණ ජිමින්ගේ දෙනෙත් මැළවිලා කටහඬ බාල උනා.
"දෙයියනේහ්...!! මේ මොකද වෙලාතියෙන්නෙ"
කාර් රථයෙන් පිටතට ආවේ ටේහයුන් උනත් ඒ තමන් බලාපොරොත්තු උන ටේහයුන් නොවන නිසා ජිමින් කලබල උනා.

වෙහෙසකාරි පෙනුමක් ගත්ත ටේහයුන්ගේ
නළලෙයි අත පයෙයි තිබුණු
තුවාල කැලලුත් එක්ක එයාව හරියට
පෙණුනේ දහ දෙනෙක් එක්ක විතර
ගහමරාගෙන ආව මදාවි කොල්ලෙක් වගේ.

PHYSICO [ completed ]Where stories live. Discover now