8.

38 9 2
                                    

"ටෙනී කොහෙද ඉන්නේ"

"සමාවෙන්න සර්.. ඊයේ හවස ගියාට පස්සේ එයා ආයිමත් ආවේ නැහැ"

"ඌ කොහෙද ගියේ!!"ග්වොන්ග් මහ හයියෙන් කෑගැහුවාම ඔෆිස් එකේ හිටිය කෙල්ල ඉද්ද ගැහුනා.

"ස්..සර්.. දන්නෑ සර්.."

"මෙලෝ වැඩකට නැති කාලකණ්ණි.. මට ඌගේ. විස්තර ටික හොයල දෙනවා..!!"
ග්වොන්ග් එහෙම කියලා ඔෆිස් එක ඇතුළට ගියා.

ඩේජූ ඇතුළට ඇවිල්ලා කලබලයෙන් හැසිරෙන දිහා බලාගෙන හිටියේ බයවෙලා යටි තොලත් හපාගෙන.

"අපරාදේ අපිට ඔෆිස් එකේ ඒ දේවල් ගැන කතා නොකර ඉන්න තිබුණෙ.. දැන් අපිට මොකද වෙන්නේ පොලිස්සියෙන් ඇවිත් අපිව අරගෙන යාවිද..? මං හිතන්නේ ඌ මුකුත් කියන එකක් නැහැ නේද.. අපි මෙච්චර කාලයක් මේ දේවල් හංඟපු රහස් එක පාරට මෙහෙම එළිවෙන එකක් නැහැ..ඔව් එහෙම වෙන එකක් නැහැ."

"බයගුල්ලෙක් නොවී කට පියන් ඉන්නවා ඩේජූ. මං ගාව හැමදේකටම විසඳුමක් තියනවා.."
ග්වොන්ග් කිව්වේ පුටුවෙන් ඉඳගෙන මේසයට බර වෙන ගමන්.

"මම ඇතුළට එන්නද සර්.." කාමරය පිටතින් ඇහුනේ ඔෆිස් එකේ හිටිය කෙල්ලගේ කටහඬ

"එනවා!!"

"සර් මේ තියෙන්නෙ ටෙනීගේ විස්තර "




****


ටෙනී හිටියේ වැඩිය මිනිසුන් නොගැවසෙන භෝජන ශාලාවක තව කෙනෙක් එක්ක. කොණ්ඩේ උඩට කරලා බැඳගෙන හිටපු ඉලන්දාරියා ඉස්සරහා ටෙනී කටකොනේ හිනාවකුත් තියන් හිටියා.

මස් කට්ටකට කෑදර කමේ කෙල හලන බල්ලෙක් වගේ ටෙනී සල්ලි වෙනුවෙන් එයා දන්න හැමදේම ඒ මනුස්සයා ඉස්සරහා වමාරලා දාන්න ලෑස්ති පිටයි උන්නේ.

"මම තමුසෙගෙ ගාන දෙන්න ලෑස්තියි"
එයා කිව්වේ දාගෙන හිටපු කළු පැහැති තොප්පියෙන් මූණ වහ ගන්න ගමන්.

"එතන හිටියේ අපේ කාර්‍යාලයේම වැඩ කරන කිහිප දෙනෙක් තව ග්වොන්ග් සර්ගේ බිරිඳත් එතන හිටියා,එතකොට ක්‍රිස්ටීන් පවා අපේ කාර්‍යාලයේ වැඩ කරන සාමාජිකයෙක්.තව මන් නොදන්න අයත් එතන හිටියා ඒ ගැන නම් හරි විස්තරයක් මම දන්නෑ"

PHYSICO [ completed ]Where stories live. Discover now