9.

45 8 6
                                    

ජිමින්ගේ දුක් ගැනවිල්ල මැද්දෙ ම ටේහයුන් ආයිමත් එයාලගේ රහසිගත ස්ථානයනට යන ගමන් හිටියේ.

සේජින් කිව්ව විදියට ටෙනී පැනලා ගිහින් දැන් විනාඩි දහයකට කිට්ටුයි. ටෙනීව ග්වෝන්ග්ගේ කෙනෙක්ට අහු උනොත් අනිවාරෙන් සේරම සැළසුම් වතුරෙ කියන්න වචන දෙකක් නෑ. එහෙම වෙලා නම් මෙලහකටත් ටෙනීව මරලා දාලත් ඇති.

ජිමින්ගේ ආරක්ෂාව ගැන කිව්වොත් එයා ගෙදර හිටිය දවස් දෙකේම හොඳ අවධානෙකින් හිටිය නිසා ග්වෝන්ග්ගේ උන් තාම තමන් ගැන කිසිම දෙයක් දැනගෙන නැති බව ටේහයුන් දැනගෙන හිටියා.

"අරූව හම්බ උනේ නැද්ද"

"නැහැ. මෙච්චර ඉක්මනට ඌට කොහෙටවත් යන්න වෙලාවක් නෑ මෙතන ඉඳන් ප්‍රධාන පාරටම තව කොච්චර කියලා දුරක් තියනවද, අනික මේ මහ කැළේ මැද කවදාවත් දන්නැති මනුස්සයෙක්ට ලේසියෙන් එළියට යන්න බෑ"

"ඒක ඇත්ත.. ඒත් ග්වොන්ග් ගේ ගෝලයෝ මේ වෙනකොට ටෙනීව හොයා ගෙන නම්"

"අපි තව ටිකක් හොයමු ඌ මේ ළඟ පාතම ඇති"

සේජින් කිව්වාම ටේහයුන් හිස වනලා ආයිමත් පාරවල් දිගේ දුවන්න ගත්තේ ටෙනීව හොයන්න හිතාගෙන. එයාලා ටෙනීව හෙව්වේ නැති තැනක් නෑ හැම අස්සක් මුල්ලක් නෑරම හොයලත් ටෙනීව හම්බුනේ නැතිකොට ටේහියෝන් දාඩිය බේරෙන නළල දෙපැත්ත ඇඟිලි තුඩු වලින් තෙරප ගත්තා...

"ශිට්...! මේ මිනිහා කොහෙට මකබෑවුනාද...."
ටේහියෝන් කෑගහලා ලඟ තිබුණු ගහකට අත මිට මොලවලා පාරක් ගහද්දි සක්කුවේ තිබ්බ එයාගේ ෆෝන් එක රින්ග් වෙනවා ඇහුණා.

කෝල් එක ජිමින් ගෙන් ටේහයුන් ට ඕනේ වුනේ නෑ ජිමින්ගේ අගක් මුලක් නැතිව අහන ප්‍රශ්ණ වැලට දැන් උත්තර දෙන්න. අනික මේක ඒකට වෙලාවත් නෙවෙයි.. ඒක නිසා එයා කෝල් එක කට් කරලා දාලා සේජින් එක්ක දිගටම ටෙනීව හොයන්න ගත්තා

ඒ අතරේ ටේහියෝන්ගේ ෆෝන් එක එක දිගට රින්ග් වෙන්න ගනිද්දි ඒ හැම කෝල් එකක්ම ජිමින්ගෙන් වෙද්දි ටේහයුන්ගේ හිත ගැස්සුනා...

"හෙලෝ මිනී..."

"හියුන්...! කොහෙද අනේ ඉන්නේ කොච්චර කෝල් ගත්තද... ඔයාගේ යාළුවෝ වගයක් ගෙදර ඇවිත්. ඔයාව හොයනවා... එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි අපි UNO සෙල්ලම් කර කරත් එක්ක ඉන්නේ... ඔයා මට කියලා නෑ මෙයාලා ගැන... මම තරහයි ඒකට නම්. ඉක්මනට ගෙදර එන්න සීයූ... බායි..."

PHYSICO [ completed ]Where stories live. Discover now