11.

37 8 6
                                    

"සමාවෙන්න මිනී.."
ටේහියුන් ආයෙම මූණ එල්ල ගත්තා...

"දැන් ඔය සමාව ගහ ගන්නවා..-" ජිමින් කියන්න හදපු දේ නතර කලාම ජන්කුක් පැත්තකට වෙලා ඉඳන් ටේහියුන්ට කිණ්ඩි හිනාවක් දැම්මා. පස්සේ ජීමින්ගේ සැර බැල්මක් එයාටත් පාවෙලා ආවාම ජන්කුක් තොල් පට තද කරන් අහක බලා ගත්තා.

"ඒකෙන් වැඩක් නෑ...මට කතාවේ ඉතුරු ටික කියන්න..."

" ඒ දවස් වල සැරෙන් සැරේ අම්මයි තාත්තයි ග්වෝන්ගේ නම ගෙදරදි කියවනවා මට කීප සැරයක් ම ඇහිලා තිබුණා. පොලිස්සියේ ඉඳිද්දි එදිනෙදා එන කේසස් හැන්ඩ්ල් කරන ගමන් අම්මගෙයි තාත්තගෙයි මිනීමැරුම ගැන හොයන්න මම අමතක කලේ නැහැ.

එහෙම වෙලාවකදි තමා මම ග්වෝන්ග් හොස්පිට්ල්
එකට ඩොක්ටර් කෙනෙක් විදියට වෙස් වලාගෙන ගියේ. ඒ ගියපු පළවෙනි දවසේ කිසිම සැක  සහිත දෙයක් ගැන දැන ගන්න නො ලැබුණත් දෙවනි දවසේදි ජන්කුක්ව හිර කරලා තිබුණු කාමරේ ගැන මට සැක හිතුණා. මම ඒකට ගියා.. ඒත් එදා මට කිසිම දෙයක් කර ගන්න වෙලාවක් තිබුණෙ නෑ.

මට ග්වෝන්ග්ව අල්ල ගන්න තියන ලේසිම මාර්ගය හොස්පිට්ල් එක. ඒක නිසා මම ඒ ගාවින් ම ගෙයක් ගත්තා. ඊට පස්සේ මම ජන්කුක් ගැන දැන ගත්තා. මට එයාව දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වුණා..."

ටේහියුන් ඇස් දෙකට ඉණුව කඳුළු බින්ඳුවක් පිහින ගමන් ජන්කුක්ගේ නළල මැදට හාදුවක් තිබ්බා. ජන්කුක් පරණ සෙල්ලක්කාරයගෙන් ඈත් වෙල්ලා ටේහියුන්ගේ උරහිස අස්සේ ඔළුව ඔබාගෙනයි ඉඳියේ...

"ජන්කුක්ට මාව එච්චර මතක තිබුණෙ නෑ. ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච ශොක් එකට මම ජින් හයුන්ග්ට කියලා ට්‍රීන්ට් මන්ට් කරවද්දි එයාට හොඳට ම හොඳ වුණා. ඔය සේරම කරද්දිත් ජන්කුක් හිටියේ හොස්පිට්ල් එකේ.

ජන්කුක්ට හොඳ වුණාටත් පස්සේ ග්වෝන්ග් ගැන අප්ඩේට් එකේ ඉන්න ජන්කුක් හොස්පිට්ල් එකේ නවතිනවා කියලා එයාගේ ස්ව කැමැත්තෙන් ම ඉදිරිපත් වුණා.

ජන්කුක් හොරෙන් ග්වෝන්ග්ගේ කැබින් එක ලඟ ඉඳන් අහගත්ත දේවල් වලින් අපි හරියටම දැන ගත්තා අම්මගෙයි තාත්තගෙයි මරණෙට කෙලින්ම සම්බන්ධ ග්වෝන්ග් වගේම එයාගේ බිරිඳ මින්හා කියන්න.

PHYSICO [ completed ]Where stories live. Discover now