10.

49 8 12
                                    

ටේහියුන්ගේ අම්මගෙයි තාත්තගෙයි මිනීමරුවා වුන ග්වොන්ග්ට අත්වෙච්ච ඉරණම නම් හරිම ඛේදවාචකයක්. එයාව අත් අඩංගුවට ගත්තත් මින්හාගේ මරණයත් එක්ක ඇති වුන කම්පනය නිසා මිනිහා නතර වුනේ මානසික ලෙඩෙක් වෙලා. මානසික රෝහලක් දාගෙන ඒ මුවාවෙන් මත්ද්‍රව්‍ය වගේම රෝහලේ හිටපු ලෙඩ්ඩුන්ගේ අවයව ජාවරම් කරපු ග්වෝන්ග් කවමදාකවත් හිතන්නැතුව ඇති එයාටත් ඒ වගේ ලෙඩෙක් වෙන්න වෙයි කියලා.

එතකොට ග්වොන්ග් ගේ අනිත් ගෝලයෝ හැමකෙනාටම සුවෙන් සනීපෙන් ඉන්ඩ නැතත් හිරබත් කන්න සිද්ධ වුණා.

ජිමින් තාමත් හිටියේ නූල් බෝලයක් වගේ පැටළුණු එයාගේ ප්‍රශ්ණ ටික ලිහා ගන්න බැරිව. කවුරු විශ්වාස කරන්නද කියලා හිතා ගන්න බැහැ. සති දෙකක්ම ගෙවිලා ගිහිනුත් තාම ටේහයුන් ගැන කිසිම විස්තරයක් දැනගන්න බැරි වුණා.

"ඇයි ඔහොම බලන්නේ..." ජන්කුක් තමන් දිහාම බලාගෙන ඉන්නවා කියලා තේරුණ ජිමින් ඇහුවේ ඇහි බැමි රැලි කරන්

"මට හිතාගන්න බෑ අයියා මෙච්චරකාලයක් ඔයා එක්ක කොහොම හිටියද කියලා.ඔයා හරිම කියුට්නේ. "

"ඒත් මට තාම හිතාගන්න බැරි ඔයාලා මට මෙච්චර බොරුවක් කලේ කොහොම ද කියලා. මාව මෙච්චර ලේසියට ඔයාලා රැවැට්ටුවේ කොහොම ද? මෙච්චර දෙයක් මට නොකිව්වේ කොහොම ද? අනික.. අනික-"

බාල කටහඬකින් පටන්ගත්ත ජීමින්ගේ වාක්‍ය කියවගෙන යනවත් එක්කම සද්දේ වැඩි වෙනකොට ජන්කුක් ඉඳගෙන ඉඳපු නැගිට්ටේ බැරෑරුම් මූණකින්

"අපි කොයිම වෙලාවකවත් ඔයාව රැවැට්ටුවේ නැහැ ජීමින්."

"විකාර!! ටේහයුන් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ ඔයාව ගෙදර ගේනවට මමයි ඔයාව ගෙදර එක්කන් එන්න ඕනේ කියලා ටේහයුන්ට කරදර කලේ. එහෙම තියෙද්දි ඔයා දැන් එකපාරට මට කියනවා ඔයා එයාගේ සහෝදරයා කියලා...- ඔයා කවුද??"

"මම ඔයාගේ කුකීනේ ජීමින්"

ජන්කුක් තව අඩියකින් ජිමින්ට ලං වෙද්දි ජීමින් හිටියේ හොඳටම බය වෙලා ගැහෙන ගමන්.එයාගේ ඇස් වල කඳුළු පිරිලා ඒවා කම්මුල් දිගේ පල්ලම් බහින්න ගත්තා.

PHYSICO [ completed ]Where stories live. Discover now