6.

32 10 8
                                    

"යොබෝ...." මින්හා එයාගේ අඩි සපත්තු පිඟන් ගඩොල් වල ගැටිලා එන සද්දෙටත් වඩා සද්දෙන් කලබලෙන් කෑ ගහන ගමන් එයාගේ සැමියා ග්වොන්ග්ව හොයාගෙන ලිවින් රූම් එකට ආවේ හදිස්සියේ.

"මින්හා... ඔයා මොකද මෙහෙ කරන්නේ..."

"ග්වෝන්ග් මොනාද මේ සිද්ධ වෙන්නේ... අර මනුස්සයා මැරිලා..... ඒ අස්සේ මම හොස්පිට්ල් එකට යනකොට අර පොඩි එකා හොස්පිට්ල් එකේ නෑ..."

"ඌව යැව්වේ මම... දැන් අවුරුදු ගානක්ම
හොස්පිට්ල් එකේ හිටියා කියලා ඌ අඩුවෙන පාටක් තිබ්බේ නැහැනේ...
අනික අපි ඒකට කොච්චර වද දීලා ප්‍රශ්ණ කලාද? ඇරත් මගේ අතින් වියදම් වෙච්ච සල්ලි!!! ඌ ඇත්තටම ලෙඩෙක්..."

ග්වෝන්ග් කිව්වත් එයා හිතන්නෙ නැතුව ඇති එතන තමයි එයා වරද්ද ගත්ත ප්‍රධානම තැන කියලා.

"ඒකත් ඇත්ත... මම හොස්පිට්ල් එකට ගිය වෙලෙ ජෙනිෆර් කිව්වාම ඒ කොල්ලාව අරගෙන ගියා කියලා මම බය උනා... මන් හිතුවෙ අපි අහුවෙලා කියලා."

"බොරුවට බය වෙන්නැතුව ඉන්නවා... දැන් ඕක වෙලා අවුරුදු දහයකටත් වැඩියිනේ"
ග්වොන්ග් කිව්වේ ගානක්වත් ගන්නැතුව.

____________________________________

"ම්ම්..ඔයාද කුකීගේ භාර කාරයා"
ජින් ඇහුවේ එයාගේ ලස්සන හිනාව මූණෙ තියාගෙන.

ජින් තමා කුකීගේ ඩොක්ට ජිමින්ට කුකීව බලාගන්න අවසරේ හම්බුනාට අනිවරෙන් එයාගේ ට්‍රීට්මන්ට්ස් වෙලාවට දෙන්න ඕනේ.

"ඔව් ඩොක්ටර්.." ජිමිනුත් ජින් එක්ක හිනාවෙලා කිව්වා.

"එහෙනම් අපි ගිහින් කුකීව බලමුද..." ජින් ඇහුවාම ජිමින් ජින්ව කුකීගේ රූම් එක දිහාවට එක්කන් ගියා.

ජින් කාමරේට ආව ගමන් ජිමින් ලස්සනට බේබි රූම් එකක් වගේ සරසල තියන විදිය දැක්කාම එයාටත් ඒවට ආස හිතුනා.

"ඔයා මේ කාමරේ ලස්සනට සරසලානේ ජිමින්"
ජින් එහෙම කිව්වා ජිමින් ගිග්ලින් හිනාවක් දාලා ජින් එක්ක හිනා උනා.

ජන්කුක් නම් හිටියේ ලොකූ වැඩක එයා ලඟ තිබ්බ කහපාට බෝනික්කගේ ඔළුව ඇතුලට ඔබලා ජින් කාමරේට ආවාම ඒක එයාටත් පෙන්නලා හයියෙන් හිනා වෙන්න ගත්තාම ජින්ටත් ඒක දැකලා එයාගේ වීදුරු පිහින හිනාවෙන් සද්දෙට හිනා ගියා.

PHYSICO [ completed ]Where stories live. Discover now