12.

56 12 18
                                    

දිග ම දිග දවසකට පස්සේ ජිමින් උදේ පාන්දරම ඇහැරුණා. නිකන්ම නෙවේ එයාගේ ලස්සන කොල්ලො දෙන්නත් දෙපැත්තේ තියාගෙන. ටේහියෝන් නම් සුපුරුදු පරිදි තාමත් පස්ස උඩදාන් දොයි.

එතකොට ජන්කුක් ජිමින් එහෙට මෙහෙට දඟලනවා දැනිලා ජන්කුක් නින්දෙන්ම එයාගේ අලුතෙන් ටැටූ කරලා පුරව ගත්ත අතකට ජිමින්ව හිර කර ගත්තා...

"අයිශ්!! නැගිටිනවකෝඕඕ" ජිමින් ජන්කුක්ගේ අත මෙහාට්ට කරලා ඇඳෙන් බැහැ ගත්තා. මුන් දෙන්නා හිටියා කියලා මෙලෝ වැඩකට නෑ. හොඳකට කියලා තියෙන්නේ එක කිස් එකක් ඩබල් වෙලා හම්බෙන එක විතරයි..  නිදිකුම්බරයෝ දෙන්නාහ්...

"ඉන්නවකෝ හොඳ වැඩක් කරනවා අද" ජිමින් හිමීට ඇඳෙන් බැහැගෙන රෙදි පටියකින් ජන්කුක්ගෙයි ටේහියෝන්ගෙයි කකුල් දෙක එකට ගැට ගැහලා නසරාණි හිනාවක් මූණට ආරූඪ කරගෙන සාලෙට ගියේ අතුත් ගසලා දාලා...

අද එයාට කරන්න වැඩ ගොඩක් තියනවා ඒත් ඔක්කොටම කලින් බෙඩ් ටී එක හදා ගන්න ඕනේ... ජිමින් එයාගේ බෙඩ් ටී එක හදාගෙන වින්ඩෝව් එක ගාව තියන ලොකු පුටුවෙන් එළිය බලාගෙන ඉඳගත්තේ කකුළක් පිට කකුළක් දාගෙන හෙන සැපේ...

දුම් දාන කිරි එකෙන් උගුරක් බිව්වා.. දෙකක් බිව්වා.. තුන් වෙනි එක බොන්න හදනකොටම...

"යාහ්හ්හ්!! ජිමිනාහ්හ්!!!"

"හයූඌඌඌඌඋන්න්... නැගිටිනවාහ්හ්හ්!!"

"මොන මඟුලක් කරනව ද ජන්කුක්!!! ආහ්ව්!!"

කාමරෙන් ඇහෙන කාල ගෝට්ටිය දිහාවට කන පොඩ්ඩක් දැම්ම ජීමින් එයාගේ කිරි එකේ තුන් වෙනි උගුරත් බිව්වේ නිවාඩු පාඩුවේ...

"ම්ම්... හාමුමහත්තයලා දෙන්නා නැගිටලා වගේ"

කාමරෙන් එළියට ආව ඩබලට කට ඉරක් කරන් කිව්ව ජීමින් ආපහු ජනේලෙන් එළිය බලා ගත්තා.

"මගේ කොන්දත් කැඩුන ද කොහෙදෝ" ජන්කුක් මැසිවිලි කියන ගමන් ජිමින් ඉඳගෙන හිටපු අනිත් පැත්තට පැනලා ඒ බෝල කම්මුලකට එබෙන්න හාද්දක් දෙන ගමන් කිරි කෝප්පේ ඉස්සුවා...

"ඊයා...!! දත් මැදලා ඉන්නවකෝ"

ජිමින්ගේ කෑගැහිල්ල ජන්කුක්ට ගානක්වත් වුනේ නෑ ඒ මනුස්සයා මුළු කිරි එකම බීලා ටක්ස් ගාලා සද්දෙකුත් එන්න කෝප්පේ ස්ටූල් එක උඩින් තිබ්බා...
ජිමින් හිටියේ කට රුවිතෙට හදාගෙන.

PHYSICO [ completed ]Where stories live. Discover now