01 🔔

3.2K 367 197
                                    


' ටාං ..... ටාං ..... ටාං ..... '
ගංඟාරාමෙන් ඇහෙන බුද්දපූජාවට ගහන ඝාන්ඨාර සීනු සද්දෙ !! උදේම මගෙ කන් අතරට අනවසරයෙන්ම රිංගගද්දි ,
නින්දෙන් ඇහැරුනු මං බැල්කනි එකට දුවගෙන ගිහින් ඈතට පේන හීනි දර්ශනය දිහා හැමදාම පුරුද්දට අදත් බලාගෙන හිටියා ...

අහසට උස තේජාන්විත ගොඩනැගිලි කපාගෙන එන හිරිගඩු පිපෙන හීතල හුළං රැලි තවමත්ම නිරුවත් මගෙ ඇඟම සිපගන්න්න පොරකනවා...

"හුළඟටත් ලැජ්ජාවක් කොහෙද !!;...අප්‍රසන්නයි !!
කොළඹ හුළඟ පවා මට දැන් අප්‍රසන්නයි...!!"

හිරගේක හිරවෙලා මැරෙනකල්ම පාහරයෙක්ට යටවෙනවට වඩා තට්ටු සිය ගානකින් පහලට පැනලා කුඩු පට්ටමක් වෙලා යන මාව මටම මැවෙන තරමට මේ දැනෙන කාලකණ්නි සතුට !!

ඊටත් වඩා අප්‍රසන්නයි !!!  "
.
.
සමච්චලේට කට හිනාව දාන ගමන් පහලින් පාරවල් වල පේන කුහුඹු ප්‍රමාණයේ වාහන දිහා ඔහේ බලන් ඉන්න මම...
දැනට තප්පර ගානකට කලින් මේ බිල්ඩින් එකෙන් පැනලා මැරිලා ගිය මගෙම මලකඳ ගැන හීන දකිනවා...

" යෝව්... අහිංසක කාලකණ්ණියා "

" *#&#&- ඇමතියාගෙ පෞද්ගලික වේ# බල්ලාලු "

" අන්න  බිල්ඩිමෙන් පැනලා " .

" මූන අඳුරගන්න වත් බැරිලු !!  "

" ඇමතියාගෙ හොර බඩුව !! අහිංසක ඇමතියාගෙ පපුව පැලිලා මැරිලා යයි "
" මේකගෙ මිනිය භාරගන්න එකෙක් නැද්ද !? "

" කෝ ඇමතියාට එන්න කියපියව්...උගෙ  මේ වේ# බල්ලව අරන් යන්න කියපියව්.."

" අපෝ මූන දිහාව බලන්න බැ...කුඩු පට්ටම් ගැහිලා....
මුගෙ මලකඳ අරගනියව්..."

" හහ් !!! හහ් !!! හහ් !!! "
" කෝ !! උඹව මැරුනම උස්සන්න වත් එකෙක් ඉන්නවද උඹට ? "

" නෑ..... උඹ මැරිලා ගියාම උඹේ මිනිය අල්ලන්නවත් එකෙක් නෑ .."

.
.
.

දවස ගානෙම මේ විදියට පහල පේන අප්‍රසන්න නගරය දිහා බලාගෙන මගෙම මලකඳ ගැන අප්‍රසන්න හීන දකින එක...
මට තියෙන ලොකුම සැනසීම කිව්වොත් විශ්වාස කරනවද !?...

සීනුWhere stories live. Discover now